ලොව වටිනාම සුවඳ විළවුම් නිශ්පාදනයට ගන්නා වල්ලපට්ටා කිලෝ 13489ක් කොළොන්නාවේ නිවසක තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බලකා ආරංචි කියයි.
එම තොගයේ වටිනාකම රුපියල් විසි කෝටියක් වෙතියි ඇස්තමේන්තු කර ඇත.
මෙතෙක් අසුවූ විශාලම තොගය මෙයයි.
ඉන්දියා ජාතිකයන් දෙදෙනක් ද , ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
වල්ල පට්ටා කියල සිංහලෙන් නම හැදුනේ මෙහෙමයි
විද්‍යාත්මක නම Gyrinops walla
රාවණලාගේ යුගයේදී මේ රට හරිම සශ්‍රීකයිලු. ඒ කාලේ මේ රටේ ඉඳලා තියනවා ඉසිවරු. ඔන්න එක්තරා ඉසිවරයෙක් හිටියලු වෙදකමට දක්ෂ. ඒ ඉසිවරයා ඉතින් කැළේට ගිහින් නොයෙකුත් කොළ වැල් ගෙඩ් අරවා මේවා අරගෙන පර්යේෂණ කරනවාලු. දවසක්දා මේ ඉසිවරයා කැළේට ගිහින් ඔහොම නොයෙක් ශාඛ වර්ග අධ්‍යයනය කරන අතරේ දැක්කලු කවදාවත් දැක්කේ නැති ශාඛයක්. ඉතින් මේ ඉසිවරයා මේ මොකක්ද යකෝ මේ ශාඛය කියලා අර ඉසිවර ලෝගුවත් කැහැපට ගහගෙන නැමිලා මේක අධ්‍යයනය කර කර ඉන්නවලු. ඔන්න ඔහොම ගැඹුරු අධ්‍යයනයක ඉන්නකොට මේ හරියෙන් ගියාලු එක්තරා දඩයක්කාරයෙක්. මිනිහා මේ පැත්තේ කරක් ගහන ඩයල් එකක්ලු. ඉතින් දඩයක්කාරයා දැක්කලු ඉසිවරයා නැමීගෙන ඉන්නහැටි. වැඩේ කියන්නේ ඉසිවරයා ලෝගුව කැහැපොට ගහගෙන හිටපු නිසා ඉසිවරයාගේ වෘෂණ කෝෂ පේනවාලු දඩයක්කාරයාට. දඩයක්කාරයාට හීන් හිනාවක් ගියාලු. ඇයි බොල මේ එසේ මෙසේ ඩයල් එකක්ද මේ දෙකට නැමී ගෙන ඉන්නේ. ඉතින් දඩයක්කාරයා ඉසිවරයාට ඇහෙන්න කිවුවලු “වල්ල පට්ට ආ...” එහෙම කියලා ඇහැකුත් ගහලා කින්ඩි හිනාවක් දාගෙනම දඩයක්කාරයා යන්න ගියාලු. ඉසිවරයා ගැඹුරු අධ්‍යයනයක හිටිය නිසා මේ කියපු දේ තේරුම් ගත්තේ වැරදියටලු. ඉසිවරයා හිතුවලු ආ බොලේ මේ දඩයක්කාරයා කියන්නේ මේ ශාඛය ගැන තමයි. මූ මේ පැත්තේ කරක් ගහන ඩයල් එකනේ. මම මැරීගෙන දෙකට නැමිලා මේක අධ්‍යයනය කරනවා දැකලා මට උදව්වක් විදිහට මේ ශාඛයේ නම තමයි කිවුවේ කියලා ඉසිවරයා හිතුවලු. එදා ඉඳලා ඒ ශාඛය ‘වල්ලපට්ටා’ ශාඛය වුණාලු.
වල්ල පට්ට ගහ හදුනා ගන්නේ මෙහෙමයි
මෙය ඉතා පහසුවෙන් හදුනා ගත හැකිය වල්ල පට්ට ගහේ කොළ සාමානයෙන් අපි කන අනෝද ගසේ කොළවලට සමානයි බලන්න පහත රූපය ඒ රූපයේ තියෙන කොළ
කුඩා පැලයක්
අපේ රටට ආවේනික ශාකයක්. සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ.
වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්.
වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල
පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික
සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ
රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා. වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි.
ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට
අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න
හේතුව.
වගා කිරීම සදහා වල්ල පට්ටා ලබා ගන්නේ මෙහෙමයි
පරණ වල්ල පට්ට තියෙන ශාකයක් හොයාගන්න, එම ශාගයේ අවට බිම කුඩා වල්ල පට්ට පැළ ඇත, එවා ගලවා ඉන්දන්න පුළුවන්, තවත් ක්‍රමයක් තමයි වල්ල පට්ට ශාකයේ අතු කුඩාවට කපා හොදට සකස් කරන ලද අඩි 1 ගැඹුරු අඩියක් පළල වළකට සාරවත් කලු පස් සමග රතු පස්ද එකතු කර ඉන්දන්න පුළුවන්.
වල්ල පට්ට කපාගන්නා අයුරු
No comments:
Post a Comment