Friday, December 6, 2013

රුවන් හෙට්ටි ආරච්චිගේ නිවසට හොරු පැනලා


ජනප්ප්‍රිය තරු දෙකක් වන ෂෙරිල් ඩේකර් සහ රුවන් හෙට්ටි ආරච්චි ඔබ හොදට දන්නවා. මොවුන් මෑතකදී ව්‍යාපාර දෙකක් ආරම්භ කළ අතර. එනම් රුවන් ස්ටූඩීයෝ එකක්ද. ෂෙරිල් බියුටි සැලුන් එකක්ද ෂෙරිල් මෙම බියුට් සැලුන් එක දාපු දවසට පසු දින අලුයම රුවන්ගේ ස්ටූඩියෝ එක කිසියම් පිරිසක් විසින් කඩා එහි ලක්ෂ 13ක් පමණ වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව අපට වාර්ථා වෙනවා.

පුද්ගලික බස්රථයකට යට වී කාන්තාවන් දෙදෙනෙකු මරුට






හලාවත -මුන්නේෂ්වරම ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් එක් කාන්තාවක්ද, එමබසයේම සිටි කාන්තාවක් බිමට වැටී ගමන් කරමින්තිබූ එම බසයටද යටවී මියගොස්ඇති බව හලාවත පොලීසිය පවසයි. අද අලුයම 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව අප වාර්තාකරු කියයි.

මියගොස් ඇත්තේ හලාවත - මයික්කුලම - අලඹ පදිංචිකාකාරියක් වන මිහිඳුකුලසුරියමේරි මාලනී කමලානි පෙරේරා (60) සහ හලාවත මුන්නේෂ්වරම - අයියනායක දේවාලය පාරපදිංචිව සිටි ලීනා හේරත් වනිගසුන්දරී (50) බවට හඳුනා ගෙන ඇත.


මුන්නේෂ්වරම දේවාලය පසු කර මද දුරක් හලාවත දෙසට බස් රථය ගමන් කරමින් තිබෙන විට මාර්ගය අයිනේ සිටි කාන්තාවක් බස් රථයේ ගැටී තිබේ.ඒ සමග රියදුරා තම බස් රථ‍යේ තිරිංග තද කර ඇත.තිරිංග තද කරන අවස්ථාවේදී බස් රථයේ සිටි කාන්තාවක් ඉන් බිමට වැටී එම බස් රථයටම යටවී ඇත.
අනතුරට පත් කාන්තාවන් දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථය සහ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Tuesday, December 3, 2013

මත්ද්‍රව්‍ය සදහා අවශ්‍ය මුදල උපයා ගැනීමට දරුවකුත් රැගෙන ගණීකා සේවය යෙදුනු කාන්තාව




19 හැවරිදි වෛශ්‍යාවක තම සිගිති දරුවාද රැගෙන මහමග රැකියාවේ නිරතව සිටයදී දරුවාගේ පියා පොලිසියට ලබා දුන් ඔත්තුවක් මත අත්අඩංගුවට ගත් පුවතක් ප්ලොරිඩාවෙන් වාර්තාවේ 24 හැවිරිදි බ්‍රොලියෝ කෑනෝ ඇලීෂියා අල්වාරෙස් සමග ගැටුමක නිරතවී තිබේ මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ අවුරුද්ක් වයසැති ළමයාද රැගෙන රැකියාවේ නිරත වීමට ඇය ගත් උත්සාහයට කැනෝ විරුද්ධත්වය පුකාශ කිරීමයි. මේ රණ්ඩුවේදි ඇය ඔහුගේ ගෙලට සහ මුහුණට කිහිපවරක්ම පහර දී ඇත.
අල්වාරස්ට රැකියාවක් නොමැත ඒ නිසා මත්ද්‍රව්‍ය සදහා අවශ්‍ය මුදල උපයා ගැනීමට ගණිකා සේවයේ යෙදීමට ඇය කල්පනා කළාය තමන්ට අවශ්‍ය දෙයක් කර ගන්නා ලෙසත් එහෙත් දරුවා රැගෙන නොයන ලෙසත් කැනෝ ඇයට දැනුම් දුන් නමුත් එයට ඇය එකග නොවීමෙන් ගැටුම හටගෙන තිබේ.

Sunday, December 1, 2013

ඇට කෑමෙන් මරණය කල් යයි







කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පිස්ටච්යොස් හා රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශික්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි.
ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන් 119,000කගේ ජීවන රටාව අධ්‍යයනය කැර තිබේ. සතියේ දින හතම ඇටවර්ග අහුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් මිනිසුන් මරණයට පත්වීමේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයකුගේ මරණයට පත්වීමේ කාලයට වඩා පස් ගුණයකින් අඩු වී ඇති බවත් සතියකට එක් වතාවක් ඇට වර්ගයක් ආහාරයට ගත් පුද්ගලයන් මරණයට පත්වීම සියයට හතකින් අඩුවී ඇති බවත් මේ පර්යේෂණයෙන් හෙළි‍වී ඇත. ඔවුන් විසින් කරන ලද පර්යේෂණයේ වාර්තාව බ්‍රිතාන්‍යයේ නව වෛද්‍ය පර්යේෂණ සදහා වූ ජර්නලයේ ප්‍රකාශයට පත්කැර තිබේ.
පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් යන සංකල්පයට වඩා ඇටවර්ග ආහාරයට ගැනීමෙන් මරණය ඈත් කැරගත හැකි බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන සයන් ක්ලාර්ක් මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පෙන්වා‍ දෙන්නේ ඇට සහිත ආහාර පිළිකා සමග සටන් කරනු ලබන සූක්ෂම අණුක සහිත සෛල වලින් සමන්විත බවයි. එමෙන්ම තඹ, තුත්තනාගම්, යකඩ, මැග්නීසියම් අඩංගු ඇට වර්ග හේතුවෙන් ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකිවන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
මේ ඇට මේද සහිතය. ‍ඇට වර්ගවල ඇති මේදය මගින් අඝාතය සහ හෘද රෝග වළක්වාලයි. පර්යේෂකයන් පවසන්නේ චොකලට් පැකට්ටුවක් කනවාට වඩා කෙදි සහිත ඇට වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් බවයි. සෑම ගෙඩිවර්ගයකම ඒවායේ විශේෂිත වූ වාසි ඇත. ඇතැම් ගෙඩි වර්ග විටමින් වලින් අනූන වන අතර ඇතැම් ගෙඩි වර්ග ඔමෙගා තුන නමැති මේද වර්ගයෙන් සංතෘප්තව තිබේ.
ක්ලාර්ක් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ කොට්ටම්බා වැනි ගෙඩිවල ලෙල්ල ආහාරයට එක්කැර ගැනීම වඩාත් වාසිදායක බවයි.
''කොට්ටම්බා ලෙල්ල ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයක්. එහි ප්‍රෝටීන් හොදින් අඩංගුවනවා. කොට්ටම්බා ගෙඩි 20-25 ක් ගත් විට එහි කැලරි 163 ක් තිබෙනවා. සමට සහ ස්නායු පද්ධතිය නි‍රෝගීව තබා ගැනීමට කොට්ටම්බා උපකාරි වනවා. ඒ වගේම දත් සහ අස්ථි ප්‍රතිශක්තීරණයට හා ඇසේ පෙනීම යහපත්ව තබා ගැනීමටත් කොට්ටම්බා වැදගත්. කජු මද 16ක් 18 ක් ගත විට එහි කැලරි 163 ක් තිබෙනවා. යකඩ හා තුත්තනාගම් වලින් සමන්විත කජු රුධිරයේ ඔක්සිජන් පරිවහනයට විශාල වශයෙන් උදව් කරනවා. ඒ වගේම රටකජු ද පෝෂණයෙන් අනූන ආහාරයක් මේ සියල්ල මිනිසුන්ගේ මරණය කල් දැමීමට උපකාරී වන බව ස්ථිරයි "
මෙම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ධාන්‍ය ලෙස සමාන්‍ය භාවිතයේ ඇති ඇට වර්ග නොව ඔවුන් පවසන ආකාරයේ ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාව ඇති නොවන බවයි. එමෙන්ම එවැනි ඇට වර්ග කෑමට ගන්නා පුද්ගලයන් දුම්පානය ප්‍රිය නොකරන බවත්, ව්‍යායාම වලට වැඩි කැමැත්තක් දක්වන බවත්, පළතුරු සහ එළවළු ආහාරට රුචි බවත් පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

අතුල බලාසිටියදීම සමිතාට, සුද්දෙකු පැටලෙයි !!!

 
 
සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ රටේ දක්ෂ මෙන්ම ඉතා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ගායනය වගේම තවත් නොයේක් ක්ෂේත්‍රවල දක්ෂතා ඇති කලාකාරිනියක් වන ඇයගේ කලා ජීවිතය බොහෝ හැලහැප්පීම් මැදින් ගලා ආ සුන්දර වූවක් බවයි ඇය පවසන්නේ.

නමුත්, ඇගේ මේ ජීවිතයේ තවත් අමිහිරි වූ අත්දැකීමක් මෑතකදී යළිත් හෙළිදරව් වුනා.

සිද්ධිය සිදුව ඇත්තේ උඩු ගුවනේ දී වීමත්, සිද්ධියට සමිතා මුහුණ දෙන විට ගුවන් යානයම අඩ අඳුරේ පැවති අතර අතුල අධිකාරි මෙය දැක දැකත් නොදැක්කා සේ සිටීමත් මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙනවා. තවද යානයේ සේවය කළ ගුවන් සේවිකාවන්ද සමිතා වතුර ඉල්ලූ විට ලබා දී ඇත්තේ වෙනත් පානයක් වීමත් සැලකිලලට ගත යුතු තවත් කරුණක්. මෙම පානය සමිතා පානය කළාද, ඉන් ඇය නොසන්සුන් වුනාද යන්න ගැන ඇය සඳහන් කරන්නේ නෑ.සමිතා පවසන අන්දමට තමා බොහෝ වෙලාවක් තම අසුන අසළම සිටි පුද්ගලයා අතුල යැයි සිතා රැවටී තිබෙනවා.

Friday, November 29, 2013

පාවෙන නගරයක් ඇමෙරිකාවේ


වසරේ වැඩි කාලයක් ‘පාවෙමින්‘ ගමන් කිරීමට කැමැති අය සදහාම ගැලපෙන දිය මත ‘පාවෙන‘ නගරයක් ඉදිකිරීමට ඇමරිකා සමාගමක් සැළසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.
මෙම නගරය ඉදිකෙරෙනු ඇත්තේ විසල් නෞකාවක් මතය.‘ස්වාධීනත්වයේ නෞකාව‘ නමින් නම් කළ මෙම නෞකාව මත මහල් 25 කින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත අතර පොළව මත පිහිටන නගරයක දැකගත හැකි අත්විදිය හැකි සියලූ දේ එම ගොඩනැගිල්ලේ ඇති කිරීමට නිර්මාපකයන් සැළසුම් කර ඇත.
කැසිනෝ ශාලා,රෝහල්,නිවාස සංකීර්ණ,අවන්හල් ආදියෙන් සමන්විත වනු ඇති මෙම පාවෙන නගරයේ වහල මත ගුවන් යානා ධාවන පථයක්ද නිර්මාණය කිරීමට අදහසක් ඇත.
පදිංචිකරුවන් නොනැවතී සයුරු තරණයේ යෙදී සිටිනු ඇති අතර වසරේ එක් එක් කාලයන්හිදී ලොව විවිධ නගර ආසන්නයේ ‘ස්වාධීනත්වයේ නෞකාව‘ නැංගුරම් ලා තැබීමට නියමිතය.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි ‘ෆ්රීඩම් ෂීප් ඉන්ටර්නැෂනල්‘ නම් ඉදිකිරීම් සමාගමක් මෙම විසල් ව්‍යාපෘතිය පසුපස සිටින අතර මේ සදහා වැය වේ යැයි ගණන් බලා ඇති මුදල ඩොලර් කෝටි 1000 කි.
ඉක්මනින්ම ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව නිර්මාපකයන් කියයි.




Thursday, November 28, 2013

ආදරය කරන අයට පොලිස් වාර්ථාව අනිවාර්්‍යය කිරීමට සූදානමක්



තම  ආදරය පතා එන පුද්ගලයින් හට පොලිස් වාර්තා ගොනු වී ඇත්දැයි සොයාබැලීමේ අයිතිය බ්‍රිතාන්‍යය කාන්තාවන්ට නුදුරේදීම ලැබීමට නියමිතය.
මෙම නීතිය සම්පාදනය කිරීමට මුල්වී ඇත්තේ පසුගිය වසරේ ෆේස්බුක් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ කාන්තාවක් හා සම්බන්ධ සිදුවීමකි.මරණයෙන් පසු එම කාන්තාවගේ පවුලේ හිතවතුන් ඇයගේ පෙම්වතාව සිටි පුද්ගලයාගේ යටගිය තොරතුරු හාරා අවුස්සා බැලු කළ හෙළිව තිඛෙන්නේ ඔහු මීට පෙර කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් නිීතිය හමුවේ දඩුවම් විද ඇත්තෙක් බවයි.
මෙම සිදුවීම මුල් කරගෙන කාන්තාවන්ට නව පෙම්වතුන් හා සබදතා ඇති කර ගැනීමට පෙර ඔවුන්ට පොලිස් වාර්තාවක් ඇත්දැයි සොයාබැලීමට අවසරය ලබා ගැනීම අරමුණින් මිය ගිය කාන්තාවගේ පියා ඇතුලූ පවුලේ හිතවතුන් සමාජය දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට එකී අවසරය ලබා දෙන නීතිය මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින අතර ලබන වසරේ මාර්තු මස සිට එය ක්‍රියාවට නැංවීමට නියමිතය.

Wednesday, November 27, 2013

තිසුරි යුවනිකා වතුරේ ගහගෙන ගිහිල්ලා



තිසුරි යුවනිකා අපේ කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පිනියක්. පසුගිය දා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේ දී ඇයට හොඳම නැගී එන නිළියට හිමි සම්මානයත් හිමි වුණා. තිසුරිගෙ නවතම රංගනය ඇතුළත් වන්නේ ‘මහිංසා’ ටෙලි සිත්තමේ. එහි මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇය. එහි එක දර්ශනයක ගඟක මිනියක් පාවෙනවා. මිනිය මහිංසාගේ.
මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගඟේ පා කළා. ටික දුරක් එහෙම යනකොට එකපාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරි වුණා. ‘මාව බේර ගන්නෝ’ කියලා හයියෙන් කෑගැහුවත් මේ කාටවත් තිසුරි ළඟට යන්න බැරි වුණා.
කොහොම හරි වතුරේ ගහගෙන ආපු අත්තක් තිසුරිගේ ඇඟේ හැපිලා. ඇය ඒක හයියෙන් අල්ලගෙන. මේකෙ එල්ලිලා ටික දුරක් යනකොට ගල් දෙකක් අතරේ හිරවෙලා. ඊට පස්සේ කට්ටියම ඇවිත් තිසුරිව ගොඩට ගත්තා. තිසුරිගෙ වාසනාවට එදා ඒ අත්ත ආවෙ නැත්නම් අද අපට තිසුරි කෙනෙක් නෑ. මොකද තිසුරිට පීනන්න බෑ.

Friday, November 22, 2013

අපේ කෙල්ලො රට යන්නෙ sex කරන්නද


රට යන කාන්තාවක් වැඩි පිරිසක් වැඩි ආදයමක් තමන්ට ලබාගැනීම අරමුණු කරගෙන තමන් කරන රැකියාවට අමතරව පිරිමින් සමග යහන් ගතව අමතර ආදායමක් ලබාගැනීම සදහා යොමුවේ, මේ පුවණතාවය වැඩිවෙමින් පවතින බව පිටරට සිට පැමිණි ශ්‍රි ලාංකික කාන්තාවක් අප සමග පැවසුවේය, විශේෂයෙන් මෙවන් දෙයකට අපේ රටේ කාන්තාවන් යොමුවන්නේ ඔවුන් වැඩ කරන තැන හාම්පුතුන්ගේ අනිසි බලපෑම මත බව සදහන් වේ.