Saturday, November 16, 2013
මුරලි - කැමරන් සමග ක්‍රිකට් ගහයි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රි ලංකාවෙන් බිහිවු සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග අද (16) උදෑසන කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ. සී.සී.සී. ක්‍රීඩාංගනයේ ක්‍රීඩකයන්ගේ සැරසීමේ කාමරයෙන් ක්‍රීඩා ඇදුම් ලා ගත් කැමරන් මහතා එහි පිට්ටනියට ගොස් මුරලිගේ පන්දුවලට මුහුණදෙමින් පිත්ත හසුරවා ඇත. පසුව මුරලි සමග සුහද කතාබහකටද ඔහු එක්වී තිබේ.
Friday, November 15, 2013
පළමු ආදරයම උදාරිට වැරදිලා
උදාරි වර්ණකුලසූරිය පුංචි දුවත් එක්ක ලංකාවට ඇවිල්ලා. ඒ ඇවිල්ලා තියෙන්නේ අලූත් නිර්මාණ දෙක තුනකට සහභාගි වෙන්නත් ඒකකලූ. බිරිඳක්, මවක්, නිළියක් හැටියට ඇයට වැරදුණු තැන් මොනවද කියලා අපි ඇගෙන් ඇහුවා. පළවෙනි ආදරය, ඇයට වැරදුණු තැන කියලයි උදාරි අපිට කිව්වේ. ඒ වගේම ඇයට සුජිත් වැනි සැමියෙක් ලැබීම ගැනත් ඇය සතුටු වෙනවාලූ.
Thursday, November 14, 2013
දුමින්ද සිල්වා වෙඩි වැදී සිටින විට භාරත ලක්ෂ්මන් දිවයනු දුටුවා. පොලිස් කොස්තාපල් සාක්ෂි දෙමින් කියයි
මුල්ලේරියාව සිද්ධියේදී පළමුවෙන්ම වෙඩි වැදුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්.
දුමින්ද සිල්වාට බව අධිකරණය හමුවේ ඊයේ යළිත් වතාවක් තහවුරු වුණා. ඒ, කොළඹ
අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ පැවැත්වුණු සාක්ෂි
විභාගයේදියි.
පොලිස් කොස්තාපල් කළුබද්දනගේ හේමන්ත කුමාර පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස ඊයේ මෙසේ සාක්ෂි ලබාදුන්නා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදී ඔහු බිම වැටී නළලෙන් ලේ ගලමින් සිටින විට භාරත ලක්ෂ්මන් සිය ජීප් රථය පිටුපසට දිව යනවා සියැසින් දුටු බව සාක්ෂිකරු කියා සිටියා. ඒ, ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය ඇසූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
නීතීඥවරයා පළමුවෙන්ම විමසූයේ මුල්ලේරියාව සිද්ධියට කෙතරම් වේලාවක් ගතවූයේද යන්නයි. සුළු වේලාවක් පමණක් ගතවූ බව එහිදී සාක්ෂිකරු කියා සිටියා. ඉන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයේ සාක්ෂිකරු සිටියාද යන්න නීතීඥවරයා විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තමන් එහි සිටි බවයි.
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සහ භාරත ලක්ෂ්මන් අතර කුමක් හෝ බහින්බස් වීමක් සිදුවූවාද යන්න නීතීඥවරයා යළිත් ප‍්‍රශ්න කළා. කථාබහක් ඇතිවනු දුටු බවත් එහෙත් එහිදී සිදුවූයේ කුමක්ද යන්න තමන්ට නොඇසුනු බවත් සාක්ෂිකරු කියා සිටියා. පසුව එක් වෙඩි හඩක් ඇසුනු බව පැවසූ සාක්ෂිකරු එහිදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා වැටී නළලෙන් ලේ ගලමින් සිටිනු මෙන්ම භාරත ලක්ෂ්මන් සිය ජීප් රථය දෙසට දිවයනු දුටු බව ප‍්‍රකාශ කළා.
ඉන් අනතුරුව නීතීඥවරයා විමසූයේ අනෙක් වෙඩි හඩවල් ඇසුනේ දුමින්ද සිල්වාට වෙඩි වැදීමෙන් අනතුරුව යන කරුණ සත්‍යයද යන්නයි. එහිදී සාක්ෂිකරු එය සත්‍ය බව ප‍්‍රකාශ කළා. නඩුව දෙසැම්බර් දෙවැනිදා යළි විභාගයට ගැනෙනවා.

තණිකඩ තරුණියන්ට පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.
තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.
පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැක.
මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කළ හැක.
දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකිය.
එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3කි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරේ. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරයි. සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත‍්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වේ. එය ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් නම් මුදල දෙගුණ වේ. තොල් සිප ගැනීමට යුවාන් 50 කි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකිය.
මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.
මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී ඇත.
Tuesday, October 29, 2013
විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම
ව්‍යාපාරිකයෙකු
ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අවසානයේ දී කෑගල්ල
මහාධිකරණ විනිසුරු මේනක වීරසුන්දර මහතා විසින් විත්තිකරුවන් දෙදෙනකුට
අඟහරුවාදා (29) මරණ දඬුවම් පමුණුවනු ලැබීය. 2004 වසරේ රුවන්වැල්ල, කනන්තොට ප්‍රදේශයේ දී මෙම ව්‍යාපාරිකයා ඝාතනය කොට ඔහුගේ මුදල් කොල්ලකා තිබූ බව රුවන්වැල්ල පොලිසිය විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණි. ඝාතන
සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මහාධිකරණ නඩු විභාගයේ දී තුන්වැනි හා හතරවැනි
විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම අඟහරුවාදා (29) නියම කෙරිණ. විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 සහ 44 කාණ්ඩවල පසුවන මැදිරිගිරියේ පදිංචිකරුවන් වෙති.
Sunday, October 27, 2013
හලාවතදී බසයක් ගිනිගනී
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ අධිසුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් හලාවත මාදම්පේ ගලහිටියාව ප‍්‍රදේශයේදී හදිසියේ ඇතිවු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. පොලිසිය ප‍්‍රකාශ කළේ බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. ඊයේ (26) රාති‍්‍ර 11.30 ට පමණ ආරම්භ වූ ගින්න පැය එකහමාරකට අධික කාලයක් පැවතුණා. එම අවස්ථාවේ බස් රථයේ මගීන් 27 දෙනෙකු රැඳී සිටියත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැහැ. හදිස්සි ගිනි නිවීමේ උපකරණ මෙම බස් රථයේ නොතිබුණු බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප‍්‍රකාශ කළේ. මේ හේතුවෙන් හලාවත - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා මතුවුණා.
Saturday, October 26, 2013
පෑලියගොඩ පිවිසුමෙන් කොළඹට ඇතුළුවන සහ පිටවන රථවාහන සීමා කෙරේ.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ - පෑලියගොඩ පිවිසුම අසල සිදුකරන ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් මේ වනවිට එම ස්ථානයෙන් කොළඹට ඇතුළු වන සහ පිටවන රථ වාහන සීමා කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ මේ හේතුවෙන් කොළඹට ඇතුළුවන සහ පිටවන සියලූම රථවාහන බණ්ඩාරනායක වටරවුමෙන් වමට ගොස් ඉඟුරු කඬේ හන්දිය තොටළඟ - වික්ටෝරියා පාලම ඔස්සේ පෑලියගොඩ නවලෝක වටරවුමට පැමිණිය හැකි බවයි.
ජීවිතේ අත්හදා බැලීමක්. - රොෂාන් පිලපිටිය.
රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස්..... කලා ලෝකේ ජනපි‍්‍රය පෙම්වතුන් යුවලක්. ඒත් මේ දෙන්නගේ ආදර කථාවට තිත තිබ්බේ ලොකු ආන්දෝලනේකුත් එක්ක. මේ ප‍්‍රශ්ණාවලින් පස්සේ ටික කාලයන් යනකම් රොෂාන් හිටියේ නිහඬව. ඔහුට ජීවිතේ ගැන කලකිරිලාද ? ඒ ගැන දැනගන්න අපි ඔහුට කථා කළා.
රොෂාන් චතුරිකා ඔයාගෙන් වෙන්වුණ එක ගැන ඔයා දැන් පසුතැවෙනවද? නැහැ කිසිම පසුතැවීමක් නැහැ. ඕක රසිකයන්ට තියෙන ප‍්‍රශ්නයක් මිසක් එයාටවත් මටවත් ප‍්‍රශ්නයක් නැහැ. ඒ ගැන නිකම්වත් කථාකරන්නේ නැහැ එයා හොදින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. මගේ ජීවිතේ හොඳින් ගතවෙනවා. මගේ ජීවිතේ ඒක ලොකු දෙයක් නෙමේ. මිනිස්සුන්ට දේවල් ලැබෙනවා නොලැබෙනවා. එනවා යනවා. මම ජීවිතේ හිතන විදිහත් එක්ක. අපේ ජීවිතේ අත්හදාබැලීම් කරනවා. සමහර වෙලාවට වරදිනවා. සමහරක් වෙලාවට හරියනවා. ඉතින් එච්චර දෙයක් නැහැ. මගේ ජීවිතේ සුපුරුදු විදිහට ගලාගෙන යනවා. චුට්ටක්වත් වෙනස්වෙලා නැහැ.
Subscribe to:
Posts (Atom)

.jpg)

.gif)