Tuesday, October 29, 2013

විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අවසානයේ දී කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනක වීරසුන්දර මහතා විසින් විත්තිකරුවන් දෙදෙනකුට අඟහරුවාදා (29) මරණ දඬුවම් පමුණුවනු ලැබීය. 2004 වසරේ රුවන්වැල්ල, කනන්තොට ප්‍රදේශයේ දී මෙම ව්‍යාපාරිකයා ඝාතනය කොට ඔහුගේ මුදල් කොල්ලකා තිබූ බව රුවන්වැල්ල පොලිසිය විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණි. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මහාධිකරණ නඩු විභාගයේ දී තුන්වැනි හා හතරවැනි විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම අඟහරුවාදා (29) නියම කෙරිණ. විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 සහ 44 කාණ්ඩවල පසුවන මැදිරිගිරියේ පදිංචිකරුවන් වෙති.

No comments:

Post a Comment