Sunday, December 22, 2013

ෆෙස්බුක් විකිණීමට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කරයි

ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ෆ්‍ස්බුක් සමාගමේ කොටස්වලින් ඩොලර් බිලියන 2.3 ක් වටිනා කොටස් විකුණන්නට තීරණය කර ඇත. ඒ අනුව කොටස් මිලියන 41.4 ක් විකුණා දමන්නට සැලසුම් කර තිබේ. මෙම කොටස් විකුණා ලැබෙන මුදලින් සකර්බර්ග් බදු ගෙවීම් සිදුකර ඇති බව ෆ්‍ස්බුක් ආයතනය කියයි. ෆ්‍ස් බුක් ආයතනය පළමු වරට ඔවුන්ගේ කොටස් අලෙවි කළේ 2012 මැයි මාසයේ දීය. එම අවස්ථාවේ එක් කොටසක් ඩොල්ර් 38 ක මුදලකට අලෙවි විය. මෙම වසරේ තුන්වැනි කාර්තුවේ ෆ්‍ස්බුක් ආයතනයේ ආදායම සියයට හැටකින් ඉහළ ගොස් තිබුණි.

නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට

නගර මධ්‍යයේ නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට ගැනුණු පුවතක් කැලිෆොනියාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරින් වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මනාලිය වන ජිප්සි තාවුබ් සහ 20 හැවිරිදි මනාලයා වූ ජෙම්සි ස්මිත් ය. නගර ශාලාව ඉදිරිපිටදී සිටි මොවුන් පොදු ස්ථානයකදී නිරුවතින් සිටීමේ වරදට මෙලෙස පොලිස් අත්අඩංගුවට ගත් බව එරට වාර්තා සඳහන් කරයි.  පසුව ඔවුන් බ්ලැන්කට්වලින් පොරවාගෙන වෙනත් ස්ථානයට ගෙනගොස් ඇඳුම් ලබාදී වෑන් රථ දෙකකින් ගෙන ගොස් දමා ඇත්තේ තරයේ අවවාද කිරීමෙන් ද පසුවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගැනුණු මනාලිය පවසා තිබුණේ මෙය නිරුවතින් මංගල්‍යය සැමරීමේ අවස්ථාව අහිමිකිරීමට එරෙහිව කරන ලද විරෝධයක් බවයි. නගරවාසීන් තමන් වටා සිටින බවට ඔවුන් දැන සිටි බව ද ඇය පොලීසියට පවසා තිබේ.
එරට පොදු ස්ථානවල, මහාමාර්ගයේ, තැනකින් තැනට යාම හෝ වාහනවලින් නිරුවතින් ගමන් කිරීම 2012 වසරේ දී තහනම් කර තිබේ.






Tuesday, December 17, 2013

ශී‍්‍ර ලංකාව තුල නිල් වෙබ් 1500 ක් තහනම්



ර ලංකාව තුල දැනට අසභ්‍ය දර්ශන ඇතුළත් කර පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි එක්දහස් පන්සියයක් පමණ ප‍‍්‍රමාණයක් තහනම් කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසනවා. පසුගිය දින කිහිපය තුළ දී ද එවන් වෙබ් අඩවි හතරක් තහනමට ලක් කළ බව ඒ මහතා සදහන් කලා. කෙසේ වෙතත් එවන් එක් වෙබ් අඩවියක් තහනම් කරන විට තවත් ගණනාවක් පටන් ගන්නා බවද පවසන ඒ මහතා ඒ නිසා ම ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන එම වෙබ් අඩවි වාරණය කිරීම ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇතැයි ද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

ලංකාව තුළ පමණක් නොව ලොව පුරාම සිටින ඇතැම් පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි දස දහස් ගණනින් අන්තර්ජාලය තුළ තිබෙනවා. එහි වැඩිම හානිය වන්නේ පාසල් දරුවන් ද ඒවා නැරඹීමට හුරු වී සිටීමයි. අසභ්‍ය වෙබ් අඩවි හා ගණිකා වෘත්තිය ආදී සමාජ ගැටළු පිළිබදව ලෝකයේ විවිධ රටවල් දරන්නේ මිශ‍්‍ර අදහස්. ආසියානු රටවල් වැඩිපුරම සමාජ සංස්කෘතිය හා ආගම පෙරදැරිකොට ගෙන සිටින රටවල් බැවින් ඔවුන් මේවාට තදබල ලෙස විරුද්ධ වනවා. නමුත් බොහෝ බටහිර රටවල් ලිංගික අධ්‍යාපනය මෙන්ම පුද්ගල අසහනයන්ට ඇති වඩාත් සුදුසුම විසදුම් ලෙස මේවා නීතිගත කොට තිබෙනවා. නමුත් කිසිදු ආකාරයකින් දරුවන්ට හානියක් නොවන්නට ඔවුන් වගබලා ගන්නවා.

කෙසේ නමුත් ලංකාව තුළ අසභ්‍ය වෙබ් අඩවි පවත්වාගෙන යාම තහනම් වන අතර එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අදාල නීති රීති සැකසී තිබෙනවා.

සිමෙන්ති යොදා පදික වේදිකාවටම සවිකල කැබ්රිය



පදික වේදිකාවට අලූතින් සිමෙන්ති ඇතිරීමට බාධා වන අයුරින් ගාල් කර තිබූ කැබ් රියක් එහි හිමිකරුවා සමග ඇතිවූ බහින්බස් වීමකින් පසුව සිමෙන්ති යොදා පදික වේදිකාවටම ‘‘සවිකර‘‘ යාමට බ‍්‍රසීලයේ කම්කරුවන් පිරිසක් ක්‍රියා කළහ..
වාර්තා වන ආකාරයට මෙම රියේ හිමිකරු වසර ගණනක සිට මෙම ස්ථානයේ තම රථය ගාල් කිරීමට පුරුදුව සිට ඇති අතර කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි එය මදකටවත් ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කර නොමැත.
මෙනිසා කෝපයට පත්ව ඇති කම්කරුවන් පිරිස කර ඇත්තේ කැබ් රියත් පදික වේදිකාවටම ඇලී සිටින සේ බදාම යොදා පදික වේදිකාව පිළිසකර කිරීමය.
මෙය සැළවූ බළධාරීන් කැබ්රිය ඇදගෙන යාමට පැමිණ ඇතත් ඔවුන් පැමිණි පසු දැකගත හැකිව තිබෙන්නේ ක්ෂණිකව ඝන වන බදාම වර්ගයක් භාවිතා කර ඇති හෙයින් කැබ් රිය හෙල්ලීමටවත් නොහැකි වන අයුරින් පදික වේදිකාව හා බැඳී තිබෙන අයුරුයි.

Friday, December 13, 2013

ගුරුවරිය විසින් 12 හැවරිදි සිසුවෙකු අපයෝජනය කරයි


ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත පාසැලක 31 හැවිරිදි එතිල් ඇන්ඩර්සන් නැමැති භාෂා කලා ගුරුවරියක්12 හැවරිදි පිරිමි දරුවකු අපයෝජනය කළායැයි පැවති නඩු විභාගයේදි එරට උසාවිය මගින් ඇයට අවුරුදු 38ක සිර දඩුවමක් නියම කළේය ඇයට 6 හැවරිදි දරුවකුගේ මවක් වන අතර මෙම ගුරුවරිය වසරේ හොදම ගුරුවරිය ලෙස සම්මානද ලබා ගෙන සිටි අයෙකී


අමතර පන්ති පවත්වනවා යැයි කියා  12 හැවරිදි දරුවා නිවසට ගෙන්වා කිහිප වතාවක් අපයෝජනය කර ඇත  ගුරුවරිය රාත්‍රී කාලයේදි මෙම සිසුවාට දුරකථනයෙන් අමතන අතර දවසක් මෙම ගුරුවරිය හා සිසුවා කතා කරනව මවට ඇසී එය පටි ගත කර පොලීසියට ගොස් පැමිණිලි කොට ඇත

තමා ඇගේ පෙම්වතා බවත් ඇයට ආදරේ කරන බවත් ඇය කළ දේවල් මෙසේයැයිද 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසා සිටියා. චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසීය.

Wednesday, December 11, 2013

නෙල්සන් මැන්ඩෙලාගේ මළගෙදර ඔබාමා ගත්ත ආතල්

ලෝක නායකයන් අතර නෙල්සන් මැන්ඩලා ඉතාමත් ජනප්‍රිය චරිතයක්. නෙල්සන් මැන්ඩලා කලු සුදු වර්ණ භේදයට එරෙහිව ඉතාමත් තදින් කතා කරපු කලු ජාතික නායකයෙක්. මේ හේතුවෙන් ඔහු දෙස ලෝකයා බලන්නට විය. එක් වරක මොහු නොබෙල් සාම ත්‍යාගයද දිනා ගැනීමට පවා සමත් වු කලු ජාතික නායකයකී. 
මොහු මිය යෑම සැලවීමත් සමග ලෝක නායකයන් දකුණු අපි‍්‍රකාවට එන්නට පටන්ගත්තේ මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමටය ලංකාවේ ජනපතිත් ඒ සදහා සහභාගි වීම සදහා දකුණු අප්‍රිකාව බලා ගොස් ඇත.
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා එම අවස්ථාවට සහභාගී වී සතුටෙන් විනෝද වන අවස්ථා AFP ජායාරූප ශිල්පියා එය ක්ෂණිකයෙන් තමන්ගේ කැමරාවට හසුකර ගත් ආකාරයයි මේ.



Monday, December 9, 2013

දඩ ලියන පොලීසිය ගැන දැනගන්න



රථවාහන පොලීසිය එහෙමත් නැත්නම් Traffic Police නිළධාරින් ගැන ඔබ දැනගතයුතුම කාරනා කිහිපයක් හිරු ගොසිප් පාඨකයන් වෙනුවෙන්...
පාරේ ගමන් කරන කොයි කාටත් මේ කරුණු වැදගත් වේවි.

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්රමය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්යr වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්රබහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්ර ය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්රොය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්රටදේශිකයට අදාල නියෝජ්යැ පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්රකතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්රේථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්රිනය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්රවකාශ ඉදිරිපත් කිරීමට ප්ර ථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්යය නම්,
නීති ආධාර කොමිෂන් සභාව,
අංක 1295,
මහාධිකරණ සංකීර්ණය,
අළුත්කඩේ,
කොළඔ 12.
යන ලිපිනයට ලිවීමෙන් හෝ,
0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

ඇමෙරිකා කාම චිත්‍රපට නවතී?





ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක වන කාම චිත‍්‍රපට වල නිෂ්පාදන කටයුතු ඇන හිටීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ.
මෙකී කාම චිත‍්‍රපට වල රගන නළුවෙකු එච්.අයි.වී. ඒඞ්ස් ආසාදිතයෙකු බවට වෛද්‍ය පරීක්ෂණ වලින් සනාථ වී තිබීම මීට හේතුවයි.
මින් පෙර අවස්ථාවකදීද නළුවෙකු හා නිළියක එච්.අයි.වී ආසාදිතයන් යැයි තහවුරු වීම නිසා ඇමරිකාවේ කාම චිත‍්‍රපට සියල්ලගේ නිශ්පාදනයන් අත්හිටුවා තිබුණි.නමුත් පසුව තම තමන්ගේ සුපුරුදු කි‍්‍රයාකාරකම් වලට නිශ්පාදකයින් හා නළු නිළියන් යොමුවී සිටිනු දැකගත හැකිවිය.
යළිත් වරක් ඒඞ්ස් බිය පැතිර ඇති මේ අවස්ථාවේ පෙර මෙන් නොව කාම චිත‍්‍රපට වල රගන නලූවන්ට උපත් පාලන කොපු භාවිතය අනිවාර්ය කිරීමේ යෝජනාවක්ද ගෙන ඒමට සැළසුම් කර ඇතැයි සදහන්ය.
මෙම තත්ත්වය පිළිබඳ අදහස් පළ කරන බොහෝ දෙනා පවසන්නේ කාම චිත‍්‍රපට වල රගා ඒඞ්ස් ආසාදනය වීම කල කම් පල දීමක් වැනි වන බවයි.ලෝකයේ ස්තී‍්‍ර දුෂණයන්ට ළමා අපචාර වලට සෘජුවම වගකිව යුත්තේ මෙකී කාම චිත‍්‍රපට බව ඔවුන්ගේ අදහසයි.