ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ෆ්‍ස්බුක් සමාගමේ කොටස්වලින් ඩොලර්
බිලියන 2.3 ක් වටිනා කොටස් විකුණන්නට තීරණය කර ඇත. ඒ අනුව කොටස් මිලියන
41.4 ක් විකුණා දමන්නට සැලසුම් කර තිබේ.
මෙම කොටස් විකුණා ලැබෙන මුදලින් සකර්බර්ග් බදු ගෙවීම් සිදුකර ඇති බව
ෆ්‍ස්බුක් ආයතනය කියයි. ෆ්‍ස් බුක් ආයතනය පළමු වරට ඔවුන්ගේ කොටස් අලෙවි කළේ
2012 මැයි මාසයේ දීය. එම අවස්ථාවේ එක් කොටසක් ඩොල්ර් 38 ක මුදලකට අලෙවි
විය. මෙම වසරේ තුන්වැනි කාර්තුවේ ෆ්‍ස්බුක් ආයතනයේ ආදායම සියයට හැටකින් ඉහළ
ගොස් තිබුණි.
No comments:
Post a Comment