Monday, December 9, 2013

නින්දෙන් ගෙරවිම හදවත් රෝගයේ පෙරනිමිත්තක්




නින්දේදි ශබ්දනගා ගොරවමින් නිදා ගන්නා පුද්ගලයන් ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව පර්යේෂණකින් හෙළිවි ඇත. පුද්ගලයන් 25,000 ක් යොදා ගනිමින් කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වි ඇත‍්තේ එලෙස ගොරවන පුද්ලයන් වැඩි පිරිසකගේ ලේ කැටි ගැසීම් වලට ගොදුරු වන බවයි. එමෙන්ම ඔවුන්ගෙන් සියයට 80ක් හෘදයාබාධ වලට ලක්වන බව ද තහවුරු වී ඇත.
නින්දේදී ගෙරවීම හඳුන්වන්නේ ඇප්නියාව යනුවෙනි. ලොව පුරා ලක්ෂ 30ක පමණ පරිසක් මේ රෝගයෙන් පීඩා විඳිති. පිරිමි හතර දෙනකුගෙන් එක් අයෙක් ද ගැහැනුන් දහයකගෙන් එක් අයකු ද අප්නිවායට ගොදුරු වී ඇත.
තද නින්දට පත්විමේ දී මාංශ පේෂීන් ඉහල්වේ. මේ නිසා බොහෝ දෙනකුට ගැටළු ඇතිවන්නේ නැත. සාමාන්‍යයෙන් ඇනෝපියාව ඇති පුද්ගලයකු හුස්ම ගැනීම තත්ත්පර 10 ට පමණ සිදු නොකරන බව ද පර්යේෂකයන් පවසයි. එවිට සිදුවන්නේ වාතය මෘදු පටක තුළ කම්පනයක් ඇතිකිරීම හේතුවෙන් ගෙරවීමේ ශබ්දය නිකුත්වේ.
මේ සම්බන්ධයෙන් වූ නවතම අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ හෘදය හා මොලයට වන අනතුර වෙද්‍යවරු සිතනවාට වඩා වැඩි බවයි. චීනයේ සැන්ඩොන් සරසවියේ විද්‍යාඥයන් ඔවුන් කලින් කරණ ලද අධ්‍යනය 12 ක ප්‍රතිපල වලින් පෙන්වා දෙනු ලබන්නේ නින්දේදී අධික ලෙස ගොරවන්නන් ආඝාත තත්වයන් ට ගොදුරැ විමේ අවදානම දෙගුණයක් වන අතර සාමාන්‍ය ලෙස ගොරවන්නන් මෙම අනතුරු දායක තත්වයෙන් මිදි සිටින බවයි.
බ්‍රිතාන්‍යය හෘද පදනමේ ජ්‍යෙෂ්ඨ හෙදි තෙන්බි ඉන්කලා පවසන්නේ ඔබට මෙම තත්වය ගැන සැකයක් පවතීනම් ඒ බව වෙද්‍යවරයා සමග පැවසිම සුදුසු බවයි. තරබාරැ අය මෙම හෘදයාබාධ වැළදීම කෙරෙහි සම්බන්ධතාවයක් පවතින බවද ඇය පවසන්නිය. මෙම තත්වයෙන් මිදිමට නම් මොවුන්ගේ ජීවන රටාව ව්‍යායාම කිරිම වැනි ක්‍රියාකාරකමි මගින් වෙනස් කරගත යුතු බවයි.        

Sunday, December 8, 2013

අමුතු ජාතියේ මංගල උත්සවයක්


අමුතු ජාතියේ මංගල උත්සවයක්. මෙහි දැක්වෙන්නේ කුඩා ළමයින් යොදා ගෙන කරනු ලබන විවාහ මංගල උත්සවයකී අපේ රටේ මෙවැනි උත්සවයක් ඔබ දැක තිබේද. උත්තරය නැත යනු. යූරෝපීය රටක පැවැත්වූ මෙම  මංගල උත්සවය ගැන අපට අසන්නට ලැබේන්නේ අපට අමුතුම ආරංචියකී. එනම්  කුඩා ළමයින් හට මල් ඉසීමෙන් එම මනාල යුවලට දරුවන් ලෑබීම බලපොරොත්තු ව‍ෙ.

ශේෂාද්‍රිගේ පෙම්වතා කවුද

ශේෂාද්‍රි කියන්නේ අපට සිටින සුරූපි යොවුන් රංගන ශිල්පිනියක්. ඇය පුවත්පත් සාකච්ඡාවලදී පෙම්වතකු ඉන්නවද යනුවෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට කටපුරා කිව්වේ තවම නෑ කියලයි. නමුත් ශේෂාද්‍රිගේ පෙම්වතා පිළිබඳ විස්තර ඡායාරූප මඟින්ම පසුගිය දිනවල අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි කිහිපයකම පළවුණා.
ඇයගේ අතගන්නට නියමිත වන්නේ මාධ්‍යට සම්බන්ධ මෙරට සිටින ඉහළ නිලයක් දරණා පුද්ගලයකුගේ පුතෙක්.
වෙබ්වල පළවුණාට තවම මං මාධ්‍යයන්ට මේ ගැන මුකුත්ම කිව්වේ නැහැ. මේ දවස්වල සියලු දේ ගැන සාකච්ඡා කරමිනුයි ඉන්නේ. මං ඔක්කෝම විස්තර ඉදිරි දිනයකදී සරසවියට කියන්නම්කෝ. පෙම්වතාගේ නම සම්පත් ද සිල්වා. දැනට ඒ ඇති.
අපි ඒ ගැන ඇහැව්වාම ශේෂාද්‍රි එහෙම කිව්වේ හිනාවෙවී.
අප ඊළඟට කතා කළේ ශේෂාද්‍රිගේ ආදරණීය පියාණන්වන චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ට.
මේක බොහොම චාමෙට සිද්ධවෙන වැඩක්. අනික අඬබෙර ගහලා ලොකුවට පින්තූරදාලා දැන්මම කියන්න වුවමනා නැහැ අපට.
එහෙම මහ ඉහළින් මඟුල් කරන්න ගිය අයට වෙච්ච දේවල් අපි ඇස්දෙකට දැක්කනේ. දුව කිව්වා වගේ ළඟදීම අපි මේ මංගල්‍යය ගැන ප්‍රසිද්ධියට පත්කරනවා.
මේ වන විට සතරදිගින් ශේෂාද්‍රිට සුබපැතුම් ගලාගෙන එනවා. එතකොට තමයි දැනේනනේ දුවගෙ වටා කොච්චර රසික රසිකාවන් ඉන්නවද කියන එක.




කවුද ? මේ ස්වප්නා

1986 ජූලි 26 වැනිදා දිල්ලියේ හින්දු පවුලක උපන් දීපිකා සිං බොහෝ ඉන්දීය රසිකයන් විසින් හඳුන්වනු ලබනුයේ සන්ධානා නමිනි.
ඒ ඉන්දියාවේ Star Play TV  නාලිකාවේ ජනප්‍රිය “Diya Aur Baati Hum” මෙගා ටෙලිනාට්‍යයේ ‘සන්ධානා’ චරිතයට පණ පෙවීම නිසා ලැබි ඇති ජනප්‍රියත්වය නිසාය.මේ දිනවල ශ්‍රී ලංකාවේ සිරස නාලිකාවේ ‘ස්වප්නා’ නමින් සිංහල හඬ කවා විකාශනය වන්නේ මෙම ටෙලි නාට්‍යයයි.

කළමනාකාර උපාධිධාරිනියක වන දීපිකා රඟපෑම වෙනුවෙන් සිය වෘත්තීය පසුබිම අතහැර දමා දිල්ලිය හැර බොම්බායට ආවේ ඒ කුඩා කාලයේ සිට ඇතිවූ සිහිනයක් සැබෑවීමකිනි.

අඩි 5 අඟුල් 2ක් උස දීපිකා සුප්‍රකට බොලිවුඩ් හා සසඳන විට මිටි යුවතියකි. එහෙත් ඉන් ඇගේ ජනප්‍රියතාවයට බාධාවක් වී නැත. ග්‍රෑම් 52ක් බර ඇගේ සිරුරේ මිම්ම පවා ඕපදූපකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇත. A 34-25-26 වශයෙනි. පාවහන්වල ප්‍රමාණය 7ය. ඇගේ පියා ඇඟලුම් කර්මාන්තයේ නිරත අයෙකි. ඇයට පූර්වා නමින් නැගෙණියක සිටී.

පන්ජාබ් තරුණියක වන ඇය පන්ජාබ්, හින්දි, ඉංග්‍රීසි භාෂා මැනවින් හසුරුවන්නීය. පන්ජාබ් ආහාර ගැනීමට රුචියක් දක්වන ඇගේ විනෝදාංශය වන්නේ නවකතා හා වෙනත් ‍පොත් කියවීම සහ සංගීතයට සවන් දීමයි.

ඇගේ අනාගත සහකරු ගැන කතා කරන දීපිකා පවසන්නේ ඔහු ආකර්ෂණීය පුද්ගලයකු වීම අනිවාර්ය කරුණක් නොවන බවයි. ඇයට අවශ්‍යව ඇත්තේ ඇයත් ඇගේ පවු‍ලේ අයත් අවබෝධ කරගත හැකි සහකරුවෙකි. ඇය පැවසුවේ වෘත්තියෙන් එහා ජීවිතයේ තමන් සමග ගත කිරීමට හැකි අයකු හා විවාහ වීම ඇගේ බලා‍පොරොත්තුව බවයි.

දිල්ලිය ඇයට කීර්තිය ළඟාකර දුන් නමුත් තම පවුලත් පන්ජාබ් රසිකයනුත්  දමා ඒමට වීම කනගාටුවක් බව ඇය කියන්නීය.ස්වප්නා ටෙලිනාට්‍යයේ සාරියෙන් සැරසී සිටින අහිංසක යුවතිය සාමාන්‍ය ජීවිතයේ දී ඊට වඩා වෙනස් චරිතයකි. තමන් තාමත් යුවතියක නිසා සාරිය ඇඳීම අනවශ්‍ය බවත් සාරිය තමන්ට විශාල වැඩි බවත් ඇය පවසයි. සැහැල්ලු අඳුම් ඇඳීමට ප්‍රිය කරයි.

දීපිකා දේශපාලනයට උනන්දුවක් නොදැක්වුවද දේශපාලන ඥානයෙන් යුතු තැනැත්තියකි. විශේෂ කාරණය නම් ඇය තම ජාතිකත්වය ගැන දක්වන ආඩම්බරයයි.ඉන්දියාව දියුණු රටක් වුවත් එහි දියුණුවේ මග වහන්නේ වංචාව, දුෂණ, අක්‍රමිකතා බව ඇගේ අදහසයි.

2012 Star Parivaur Awards  සම්මාන උළෙ‍ලේදී ‍ලේලිය චරිතය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ඇය දිනා ගත්තාය. Zee Gold Awards  සම්මාන උළෙ‍ලේදී හොඳම ආධුනික නිළියට හිමි සම්මානය ද Indian Tally Awards  සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළිය සම්මානය ද දිනාගත් ඇය 2013 ඉබචප චපඪමචභප  සම්මාන උළෙ‍ලේදී ‍ලේලිය චරිතය වෙනුවෙන් හොඳම නිළිය සඳහා නිර්දේශ වූවාය.
නාරද කරුණාතිලක



Friday, December 6, 2013

රුවන් හෙට්ටි ආරච්චිගේ නිවසට හොරු පැනලා


ජනප්ප්‍රිය තරු දෙකක් වන ෂෙරිල් ඩේකර් සහ රුවන් හෙට්ටි ආරච්චි ඔබ හොදට දන්නවා. මොවුන් මෑතකදී ව්‍යාපාර දෙකක් ආරම්භ කළ අතර. එනම් රුවන් ස්ටූඩීයෝ එකක්ද. ෂෙරිල් බියුටි සැලුන් එකක්ද ෂෙරිල් මෙම බියුට් සැලුන් එක දාපු දවසට පසු දින අලුයම රුවන්ගේ ස්ටූඩියෝ එක කිසියම් පිරිසක් විසින් කඩා එහි ලක්ෂ 13ක් පමණ වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව අපට වාර්ථා වෙනවා.

පුද්ගලික බස්රථයකට යට වී කාන්තාවන් දෙදෙනෙකු මරුට






හලාවත -මුන්නේෂ්වරම ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් එක් කාන්තාවක්ද, එමබසයේම සිටි කාන්තාවක් බිමට වැටී ගමන් කරමින්තිබූ එම බසයටද යටවී මියගොස්ඇති බව හලාවත පොලීසිය පවසයි. අද අලුයම 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව අප වාර්තාකරු කියයි.

මියගොස් ඇත්තේ හලාවත - මයික්කුලම - අලඹ පදිංචිකාකාරියක් වන මිහිඳුකුලසුරියමේරි මාලනී කමලානි පෙරේරා (60) සහ හලාවත මුන්නේෂ්වරම - අයියනායක දේවාලය පාරපදිංචිව සිටි ලීනා හේරත් වනිගසුන්දරී (50) බවට හඳුනා ගෙන ඇත.


මුන්නේෂ්වරම දේවාලය පසු කර මද දුරක් හලාවත දෙසට බස් රථය ගමන් කරමින් තිබෙන විට මාර්ගය අයිනේ සිටි කාන්තාවක් බස් රථයේ ගැටී තිබේ.ඒ සමග රියදුරා තම බස් රථ‍යේ තිරිංග තද කර ඇත.තිරිංග තද කරන අවස්ථාවේදී බස් රථයේ සිටි කාන්තාවක් ඉන් බිමට වැටී එම බස් රථයටම යටවී ඇත.
අනතුරට පත් කාන්තාවන් දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථය සහ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Tuesday, December 3, 2013

මත්ද්‍රව්‍ය සදහා අවශ්‍ය මුදල උපයා ගැනීමට දරුවකුත් රැගෙන ගණීකා සේවය යෙදුනු කාන්තාව




19 හැවරිදි වෛශ්‍යාවක තම සිගිති දරුවාද රැගෙන මහමග රැකියාවේ නිරතව සිටයදී දරුවාගේ පියා පොලිසියට ලබා දුන් ඔත්තුවක් මත අත්අඩංගුවට ගත් පුවතක් ප්ලොරිඩාවෙන් වාර්තාවේ 24 හැවිරිදි බ්‍රොලියෝ කෑනෝ ඇලීෂියා අල්වාරෙස් සමග ගැටුමක නිරතවී තිබේ මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ අවුරුද්ක් වයසැති ළමයාද රැගෙන රැකියාවේ නිරත වීමට ඇය ගත් උත්සාහයට කැනෝ විරුද්ධත්වය පුකාශ කිරීමයි. මේ රණ්ඩුවේදි ඇය ඔහුගේ ගෙලට සහ මුහුණට කිහිපවරක්ම පහර දී ඇත.
අල්වාරස්ට රැකියාවක් නොමැත ඒ නිසා මත්ද්‍රව්‍ය සදහා අවශ්‍ය මුදල උපයා ගැනීමට ගණිකා සේවයේ යෙදීමට ඇය කල්පනා කළාය තමන්ට අවශ්‍ය දෙයක් කර ගන්නා ලෙසත් එහෙත් දරුවා රැගෙන නොයන ලෙසත් කැනෝ ඇයට දැනුම් දුන් නමුත් එයට ඇය එකග නොවීමෙන් ගැටුම හටගෙන තිබේ.

Sunday, December 1, 2013

ඇට කෑමෙන් මරණය කල් යයි







කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පිස්ටච්යොස් හා රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශික්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි.
ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන් 119,000කගේ ජීවන රටාව අධ්‍යයනය කැර තිබේ. සතියේ දින හතම ඇටවර්ග අහුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් මිනිසුන් මරණයට පත්වීමේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයකුගේ මරණයට පත්වීමේ කාලයට වඩා පස් ගුණයකින් අඩු වී ඇති බවත් සතියකට එක් වතාවක් ඇට වර්ගයක් ආහාරයට ගත් පුද්ගලයන් මරණයට පත්වීම සියයට හතකින් අඩුවී ඇති බවත් මේ පර්යේෂණයෙන් හෙළි‍වී ඇත. ඔවුන් විසින් කරන ලද පර්යේෂණයේ වාර්තාව බ්‍රිතාන්‍යයේ නව වෛද්‍ය පර්යේෂණ සදහා වූ ජර්නලයේ ප්‍රකාශයට පත්කැර තිබේ.
පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් යන සංකල්පයට වඩා ඇටවර්ග ආහාරයට ගැනීමෙන් මරණය ඈත් කැරගත හැකි බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන සයන් ක්ලාර්ක් මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පෙන්වා‍ දෙන්නේ ඇට සහිත ආහාර පිළිකා සමග සටන් කරනු ලබන සූක්ෂම අණුක සහිත සෛල වලින් සමන්විත බවයි. එමෙන්ම තඹ, තුත්තනාගම්, යකඩ, මැග්නීසියම් අඩංගු ඇට වර්ග හේතුවෙන් ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකිවන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
මේ ඇට මේද සහිතය. ‍ඇට වර්ගවල ඇති මේදය මගින් අඝාතය සහ හෘද රෝග වළක්වාලයි. පර්යේෂකයන් පවසන්නේ චොකලට් පැකට්ටුවක් කනවාට වඩා කෙදි සහිත ඇට වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් බවයි. සෑම ගෙඩිවර්ගයකම ඒවායේ විශේෂිත වූ වාසි ඇත. ඇතැම් ගෙඩි වර්ග විටමින් වලින් අනූන වන අතර ඇතැම් ගෙඩි වර්ග ඔමෙගා තුන නමැති මේද වර්ගයෙන් සංතෘප්තව තිබේ.
ක්ලාර්ක් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ කොට්ටම්බා වැනි ගෙඩිවල ලෙල්ල ආහාරයට එක්කැර ගැනීම වඩාත් වාසිදායක බවයි.
''කොට්ටම්බා ලෙල්ල ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයක්. එහි ප්‍රෝටීන් හොදින් අඩංගුවනවා. කොට්ටම්බා ගෙඩි 20-25 ක් ගත් විට එහි කැලරි 163 ක් තිබෙනවා. සමට සහ ස්නායු පද්ධතිය නි‍රෝගීව තබා ගැනීමට කොට්ටම්බා උපකාරි වනවා. ඒ වගේම දත් සහ අස්ථි ප්‍රතිශක්තීරණයට හා ඇසේ පෙනීම යහපත්ව තබා ගැනීමටත් කොට්ටම්බා වැදගත්. කජු මද 16ක් 18 ක් ගත විට එහි කැලරි 163 ක් තිබෙනවා. යකඩ හා තුත්තනාගම් වලින් සමන්විත කජු රුධිරයේ ඔක්සිජන් පරිවහනයට විශාල වශයෙන් උදව් කරනවා. ඒ වගේම රටකජු ද පෝෂණයෙන් අනූන ආහාරයක් මේ සියල්ල මිනිසුන්ගේ මරණය කල් දැමීමට උපකාරී වන බව ස්ථිරයි "
මෙම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ධාන්‍ය ලෙස සමාන්‍ය භාවිතයේ ඇති ඇට වර්ග නොව ඔවුන් පවසන ආකාරයේ ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාව ඇති නොවන බවයි. එමෙන්ම එවැනි ඇට වර්ග කෑමට ගන්නා පුද්ගලයන් දුම්පානය ප්‍රිය නොකරන බවත්, ව්‍යායාම වලට වැඩි කැමැත්තක් දක්වන බවත්, පළතුරු සහ එළවළු ආහාරට රුචි බවත් පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

අතුල බලාසිටියදීම සමිතාට, සුද්දෙකු පැටලෙයි !!!

 
 
සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ රටේ දක්ෂ මෙන්ම ඉතා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ගායනය වගේම තවත් නොයේක් ක්ෂේත්‍රවල දක්ෂතා ඇති කලාකාරිනියක් වන ඇයගේ කලා ජීවිතය බොහෝ හැලහැප්පීම් මැදින් ගලා ආ සුන්දර වූවක් බවයි ඇය පවසන්නේ.

නමුත්, ඇගේ මේ ජීවිතයේ තවත් අමිහිරි වූ අත්දැකීමක් මෑතකදී යළිත් හෙළිදරව් වුනා.

සිද්ධිය සිදුව ඇත්තේ උඩු ගුවනේ දී වීමත්, සිද්ධියට සමිතා මුහුණ දෙන විට ගුවන් යානයම අඩ අඳුරේ පැවති අතර අතුල අධිකාරි මෙය දැක දැකත් නොදැක්කා සේ සිටීමත් මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙනවා. තවද යානයේ සේවය කළ ගුවන් සේවිකාවන්ද සමිතා වතුර ඉල්ලූ විට ලබා දී ඇත්තේ වෙනත් පානයක් වීමත් සැලකිලලට ගත යුතු තවත් කරුණක්. මෙම පානය සමිතා පානය කළාද, ඉන් ඇය නොසන්සුන් වුනාද යන්න ගැන ඇය සඳහන් කරන්නේ නෑ.සමිතා පවසන අන්දමට තමා බොහෝ වෙලාවක් තම අසුන අසළම සිටි පුද්ගලයා අතුල යැයි සිතා රැවටී තිබෙනවා.