Monday, January 20, 2014

වල්ල පට්ට වවමු රට නගමු












ලොව වටිනාම සුවඳ විළවුම් නිශ්පාදනයට ගන්නා වල්ලපට්ටා කිලෝ 13489ක් කොළොන්නාවේ නිවසක තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බලකා ආරංචි කියයි.

එම තොගයේ වටිනාකම රුපියල් විසි කෝටියක් වෙතියි ඇස්තමේන්තු කර ඇත.
මෙතෙක් අසුවූ විශාලම තොගය මෙයයි.
ඉන්දියා ජාතිකයන් දෙදෙනක් ද , ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

  
වල්ල පට්ටා කියල සිංහලෙන් නම හැදුනේ මෙහෙමයි
  විද්‍යාත්මක නම Gyrinops walla


රාවණලාගේ යුගයේදී මේ රට හරිම සශ්‍රීකයිලු. ඒ කාලේ මේ රටේ ඉඳලා තියනවා ඉසිවරු. ඔන්න එක්තරා ඉසිවරයෙක් හිටියලු වෙදකමට දක්ෂ. ඒ ඉසිවරයා ඉතින් කැළේට ගිහින් නොයෙකුත් කොළ වැල් ගෙඩ් අරවා මේවා අරගෙන පර්යේෂණ කරනවාලු. දවසක්දා මේ ඉසිවරයා කැළේට ගිහින් ඔහොම නොයෙක් ශාඛ වර්ග අධ්‍යයනය කරන අතරේ දැක්කලු කවදාවත් දැක්කේ නැති ශාඛයක්. ඉතින් මේ ඉසිවරයා මේ මොකක්ද යකෝ මේ ශාඛය කියලා අර ඉසිවර ලෝගුවත් කැහැපට ගහගෙන නැමිලා මේක අධ්‍යයනය කර කර ඉන්නවලු. ඔන්න ඔහොම ගැඹුරු අධ්‍යයනයක ඉන්නකොට මේ හරියෙන් ගියාලු එක්තරා දඩයක්කාරයෙක්. මිනිහා මේ පැත්තේ කරක් ගහන ඩයල් එකක්ලු. ඉතින් දඩයක්කාරයා දැක්කලු ඉසිවරයා නැමීගෙන ඉන්නහැටි. වැඩේ කියන්නේ ඉසිවරයා ලෝගුව කැහැපොට ගහගෙන හිටපු නිසා ඉසිවරයාගේ වෘෂණ කෝෂ පේනවාලු දඩයක්කාරයාට.  දඩයක්කාරයාට හීන් හිනාවක් ගියාලු. ඇයි බොල මේ එසේ මෙසේ ඩයල් එකක්ද මේ දෙකට නැමී ගෙන ඉන්නේ. ඉතින් දඩයක්කාරයා ඉසිවරයාට ඇහෙන්න කිවුවලු වල්ල පට්ට ආ... එහෙම කියලා ඇහැකුත් ගහලා කින්ඩි හිනාවක් දාගෙනම දඩයක්කාරයා යන්න ගියාලු. ඉසිවරයා ගැඹුරු අධ්‍යයනයක හිටිය නිසා මේ කියපු දේ තේරුම් ගත්තේ වැරදියටලු. ඉසිවරයා හිතුවලු ආ බොලේ මේ දඩයක්කාරයා කියන්නේ මේ ශාඛය ගැන තමයි. මූ මේ පැත්තේ කරක් ගහන ඩයල් එකනේ. මම මැරීගෙන දෙකට නැමිලා මේක අධ්‍යයනය කරනවා දැකලා මට උදව්වක් විදිහට මේ ශාඛයේ නම තමයි කිවුවේ කියලා ඉසිවරයා හිතුවලු. එදා ඉඳල‍ා ඒ ශාඛය වල්ලපට්ටා ශාඛය වුණාලු.

වල්ල පට්ට ගහ හදුනා ගන්නේ මෙහෙමයි 

මෙය ඉතා පහසුවෙන් හදුනා ගත හැකිය වල්ල පට්ට ගහේ කොළ සාමානයෙන් අපි කන අනෝද ගසේ කොළවලට සමානයි බලන්න පහත රූපය ඒ රූපයේ තියෙන කොළ 


කුඩා පැලයක්
 

අපේ රටට ආවේනික ශාකයක්. සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ. වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්. වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා. වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි. ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න හේතුව. 

වගා කිරීම සදහා වල්ල පට්ටා ලබා ගන්නේ මෙහෙමයි 

පරණ වල්ල පට්ට තියෙන ශාකයක් හොයාගන්න, එම ශාගයේ අවට බිම කුඩා වල්ල පට්ට පැළ ඇත, එවා ගලවා ඉන්දන්න පුළුවන්, තවත් ක්‍රමයක් තමයි වල්ල පට්ට ශාකයේ අතු කුඩාවට කපා හොදට සකස් කරන ලද අඩි 1 ගැඹුරු අඩියක් පළල  වළකට සාරවත් කලු පස් සමග රතු පස්ද එකතු කර  ඉන්දන්න පුළුවන්.



 වල්ල පට්ට කපාගන්නා අයුරු

 

Sunday, January 12, 2014

කිහිල්ල පසාරු කරගෙන ගිය මල් අත්ත





ගම්පහ ප%දේශයේ පදිංචි 21 හැවරිදි හමුදා සෙබළෙකු වන දීනුෂ ලක්මාල් වන මොහු අද උදේ තැඹිලි ගසකට නැග ඇත, තැඹිලි කඩනවාත් සමග ගහෙන් ලිස්සා බිමට වැටී ඇත, බිමට වැටීමත් සමග බිම තිබූ මල් අත්තක කොටසක් සිය කිහිල්ල ප%දේශය පසාරු කරගෙන ගොස් තුවාල වූ මොහුට ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කර ඇත, දැනට සුවය ලබන ඔහු හොද තත්වයෙන් සිටින බව වෛද්‍ය වරුන් පවසයි.

Saturday, January 11, 2014

මන්ද මානසික ළමයෙක් ගිල දමන ඇනකොන්ඩා

මෙය සත්‍ය සිදුවීමකී කුඩා ළමයින් නැරඹීමෙන් වලකින්න

 



උපන් ඇඳුම්න් ගිනස් වාර්තාවක්




නවසීලන්තයේ ගිස්බන් නුවර මුහුදෙහි නිර්වස්ත‍්‍රව පිහිනා නවසීලන්ත ජාතිකයෝ 745 දෙනෙක් ගිනස් වාර්තාවක් තැබූහ. 
පසුගිය වසරේත් නවසීලන්තය මෙම ගිනස් වාර්තාව පිහිටවූ අතර එයට නිරුවත් වු අය 506 දෙනෙක් සහභාගි වූහ. නමුත් ස්පාඤ්ඤයේ වෙරාහි මුහුදක 729 දෙනෙක් නිරුවතින් පිහිනා එම වාර්තාව ද කඩා දැමුහ.

16 හැවරිදි පාසැල් සිසුවෙක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ ගුරුවරිය අත්අඩංගුවට



සිය පවුලේ මුදල් අගහිග කම් නිසා 16 හැවරිදි පාසැල් සිසුවෙකු  පන්ති ගාස්තු ගෙවීම තුන් මසකින් මග හැරී ඇත. එම හේතුවෙන්  ගුරුවරියගෙන් බැණුම් අසනවා වෙනුවට ගුරුවරිය විසින් අපූරු යොජනාවක් කර ඇත. එනම් මාස 3ක පන්ති ගාස්තු ගෙවීමට නොහැකි නම් රෑට අපේ ගෙදරට ඇවිත් මගෙත් එක්ක නිදාගනින්. මෙම අපූරු යෝජනාව ගැන විෂ්මයට පත් සිසුවා කිසිවත් කියා ගත නොහැකිව එක පාරටම ගොළු වූ බව එම සිසුවා පවසයි. මේ අපුරු යෝජනාව පිළිබද සිය දෙමව්පියන්ට කීමෙන් පසු සිසුවාගේ පියා විසින් මහරගම පොලීසියට පැමිණිලි කොට ඇත. ඉන් අනතුරුව අදාල ගුරුවරිය අත්අඩංගුවට ගන්නා ලදී
මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ පිළිබද කරුණු විමසීමේදී ඇය කියා සිටියේ මගේ මහත්තය රට, මම තනියෙන් ගෙදර ඉන්නේ, මට තනියෙන් ඉන්න බැරි නිසා තමයි මෙම යෝජනාව කළේ යනුවෙන් අදාල ගුරුවරිය පවසා ඇත.


Friday, January 3, 2014

ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා - (අනාගතේ ලංකාවත්)

 දේශපාලන ලෝකයේ වැජඹෙන සුන්දරම සහ සරාගීම කාන්තාවන් ලැයිස්තුගත කිරීමට අනුව. පකිස්ථාන ජාතික හීනා රබානි දැනට ලෝකයේ අංක එකේ වැජඹෙන සුන්දරතම දේශපාලනඥවරියයි. ඇය කලක් පකිස්ථානයේ විදේශ ලේකම් වශයෙන් ද කටයුතු කළාය. එම තනතුර ලැබූ ලාබාලම කාන්තාව ලෙස හැඳින්වෙන්නේත් හීනාය. ඇය දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතඑන කාන්තාවකි.

01   හීනා රබානි







02    ඔර්ලි ලිවයි

ඊශ‍්‍රායලයේ ජනතාව කියන්නේ දෙවියන්වහන්සේ විසින් දේශපාලන ලෝකයට මවන ලද දේව දුතිය ඔර්ලි බවය. ඇගේ සුන්දර බව පමණක් නොව ඍජු බැල්මත් සදා නොමැකෙන සිනාවත් ඕනෑම කෙනකු තිගස්වනවා නොඅනුමානය. ඊශ‍්‍රායල මාධ්‍යවලට ඇය ඉතා හොඳ පුවත් මවන්නියකි. දරුවන් තිදෙනකුගේ මව වුවද බාහිර පෙනුමින් කිසිවකුට ඒ බවක් කියන්නට නොහැකිය. ඇය දේශපාලනයට පිවිසියේ කලක් ඊශ‍්‍රායල ගුවන් හමුදාවේ ද සේවය කිරීමෙන් අනතුරුවය. ඇය කිසිම දිනෙක වයසට යන්නේ නැතැයි ඊශ‍්‍රායල මාධ්‍ය පවසයි.





03  මාරියා රොසේරියා කාර්ෆැග්නා

ඉතාලි මැති සබයේ පමණක් නොව ලෝකයේම සිටින සුන්දරම ඇමැතිවරිය වශයෙන් හැදින්වෙන්නේ මරියාය. උඩුකය නිරාවරණය කරගෙන පෙනී සිටි නිරූපිකාවක ලෙස ඇගේ ප‍්‍රතිරූපය මුලින්ම ජනතා සිත්සතන්හි රැඳිණි. එම නිසාම ඇගේ චරිතය නිරන්තයෙන්ම විවේචනයට බඳුන් වෙයි. එහෙත් මේ ගිනි සිළුව තමන්ට එල්ලවන චෝදනා සියල්ල තදින්ම ප‍්‍රතික්‍ෂේප කරන්නීය. එහෙත් හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනි ගේ පුංචි සමනලිය යන්න නම් ප‍්‍රතික්‍ෂේප කරන්නට ඇයට නොහැකි වී තිබේ.



04 ඇලීනා කැබේවා

එක්සත් රුසියන් පක්‍ෂයෙන් මැතිවරණයට තරග කොට, 2007 දී මන්ත‍්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මේ සුරූපිණිය ජිම්නාස්ටික් ක‍්‍රීඩිකාවකි. ඇය මොන තරම් සුන්දර ළඳක්ද යත්, හිම මිදෙන තරමේ සීතලකදී පවා ඇය දකින පිරිමියකු දහදියෙන් නැහැවෙන්නේ යයි කියැවෙයි. ඇගේ සමකාලීන ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඒ පිරිමි අතරින් එක් කෙනෙක් වූයේය. ඔවුන් දෙදෙනාගේ රහස් සබඳකම දෙස එකල මාධ්‍යවල අවධානය දැඩිව යොමුවී තිබිණි.



  
05   යුලියා ටයිමොෂෙන්කෝ

යුක්රේනයේ ප‍්‍රථම අගමැතිවරිය වීමට පෙර යුලියා සාර්ථක ව්‍යාපාරික කාන්තාවකි. ඇය යුක්රේන දේශපාලන ක්‍ෂේත‍්‍රයට පය තැබුවේ ආර්ථික විද්‍යාව සඳහා පී.එච්.ඞී. උපාධිය ලබා ගැනීමෙන් පසුවය. ඇය අලූත් අලූත් විලාසිතාවලට දක්වන්නේ බලවත් ප‍්‍රියතාවකි. ලෝකයේ සරාගීම දේශපාලනඥවරියන් අතරින් අයෙකු ලෙස හැඳින්වෙන ඇය නිතරම පිරිමින් ගේ අවධානයට ලක් වන්නීය. ඇය ප්ලේ බෝයි සඟරාවක කවරයේ දකින්නට පෙරුම් පුරන පිරිමි ද ඔවුනතර වෙති.



06    සෙන්රිඩා ගීගී

මේ ලෙබනන් සුන්දරිය නුදුටු දෙනෙත් කුමකටදැයි සිතෙන තරමටම ඇය සුන්දරය. විලාසිතා තෝරා ගැනීමට මනා හැකියාවක් ඇයට තිබේ. ඒ නිසා පමණක් නොව අවංක බව පිළිබඳවද ඇය ප‍්‍රසිද්ධය. මැද පෙරදිග පුරා ඇයගැන ඇත්තේ ඉතා විශිෂ්ට ප‍්‍රතිරූපයකි. 1994 දේශපාලන විද්‍යා උපාධිය හිමි කර ගත් සෙන්රිඩා ඉනික්බිතිව ලෙබනන් හමුදා නායක සමිර් ෆරීඞ් සමග විවාහ වූවාය. ඇය දේශපාලනයට සම්බන්ධ වූයේ ඉන් පසුවය.




07    කාශ්මලා තාරික්
පකිස්තාන දේශපාලනඥවරියක වන කාශ්මලා ප‍්‍රසිද්ධව සිටින්නේ ආසියාවේ සරාගීම මන්ත‍්‍රීවරිය වශයෙනි. හූස්ටන් හි මුහුදු වෙරලේදී පකිස්තාන කාන්තාවකට නොගැළපෙන තරමට අඩුවෙන් ඇඳුම් ඇඳ සිටිනු මාධ්‍යවලින් හෙලිදරව් වූවාට පසුව ඇය මෝස්තර ලෝකය තුළින් ජනප‍්‍රිය වූවාය. පිරිමින් ගේ සිහින ලෝක වල ඇයට හිමි වී ඇත්තේ සුවිශාල ඉඩකි.
මේ සරාගිනිය ලන්ඩනයේ ආර්ථික විද්‍යා පාසලෙන් ලත් ඛඛඵ උපාධිය ඇත්තියකි. එමෙන්ම ඉහළ නැඟීමේ ආශාවෙන් ද පෙළෙන්නියකි. එම ආශාව ඉටුකර ගැනීමේ පරමාර්ථය ඇතිව දේශපාලන ලෝකයේ ඉහළ තලයේ වැජඹෙන ඇත්තන්ගේ යහන් බෙදා හදා ගැනීම පිළිබඳව ඇය දැඩි විවේචනයට ලක්වී ඇත.



08    රූබි දිහාලා

ඉන්දියාවේ ඉපදී 1995 දී කැනඩාවට සංක‍්‍රමණය වූ ඇය මෝස්තර රැජින ලෙසින් විරුදාවලි ලබා තිබේ. 1993 දී ඇය රූප රාජිනී තරගයකින් දෙවැනි තැනද ලැබුවාය. ඇය කැනඩාවට ගියේ සිය අධ්‍යාපනය හමාර කළාට පසුවය. ඇය ජීවරසායන විද්‍යා උපාධියක් ලබා තිබේ. දේශපාලනයට සම්බන්ධ වීමට පෙර ඇය ”කියෝන්? කිස්ලියේ” චිත‍්‍රපටයේ කතාබහට ලක්වන ආකාරයේ චරිතයක් ද රඟ පෑවාය. ලෝකයේ සරාගීම දේශපාලන කාන්තාව ලෙස ඇය හැඳින්වීම වරදක් නැතැයි ඇය හඳුනන්නෝ පවසති.



09   ඇනා මාරියා ගැලෝජාන්

දිව්‍යාංගනාවක බඳුව රුවින් බැබළෙන ඇනා මරියා තරම් රූමත් දේශපාලනඥවරියක ලෝකයේ තවත් සිටීදැයි ඇස්ටෝනියාවේ ජනතාව ප‍්‍රශ්න කරයි. ඇය ෂේක්ස්පියර්ගේ කවියකින් වර්ණනා කෙරෙන ස්ත‍්‍රී රුවක් තරමටම සුන්දර බවින් අගතැන්පත්ය. මේ සුරූපී සරාගිනිය ඇස්ටෝනියාව සංවර්ධනය කරා ගෙන යන්නට සිය දේශපාලන බලතල යොදා ගත්තාය. එය ජනතාව වෙත බලවත් ප‍්‍රසාදයක් ඇති කරන්නට සමත්වී තිබේ.



 10 ජොඅන්නා කැබේවේ
පෝලන්ත මැති සබය කාන්තා සුවඳින් පිරී ඉතිරෙන්නට පටන් ගත්තේ ලූබින් නගරය නියෝජනය කරමින් ජොඅන්නා කැබේවේ එහි
පිවිසියාට පසුවය. ඇය ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඞී. උපාධි ධාරිනියකි. ඇගේ සරාගී රුව නෙත ගැටුණ විට පිරිමි සිත් සසල වන්නේ නිමේෂයකිනි.
අනේ.... මේ සුන්දර කාන්තාව එක්ක කතාබහකරමින් ඉන්න තියෙනවානම් මට වෙන කිසිම දෙයක්  ඕන නෑ... ඔවුහු සුසුම්ලමින් ප‍්‍රාර්ථනා කරති..










Tuesday, December 31, 2013

බයිසිකලේට High Way දොර ඇරේ.

මේ වන විට ලෝකයේ විවිධ ආකාරයෙන්  High Way මාර්ග ඉදිවෙමින් පවතිනවා රටක සංවර්ධන ක්‍රියාවලියේ දියුණුව මයින එක්තරා ආකරයක් වන්නේ රටේ තිබෙන මාර්ග පද්දතියයි  ලංකාවේ මේ වන විට අධිවේගි මාර්ග 02ක් තිබෙනවා එම මාර්ගවල යා හැක්කේ රෝද හතරේ වාහන වලට පමණී බයිසිකල් ත්‍රීරෝද රථ යා නොහැකිය 

බයිසිකලෙන් පමණක් ගමන් කළ හැකි හයිවේ මාර්ගයක් ඉදි කිරීමට ලබන අවුරුද්දේ සැලසුම් කරන බව එන්ගලන්ත ලන්ඩන් නුවරින් අපට වාර්ථා වෙනවා මෙය දිගින් 221 Km  හා පිවිසුම් 209 කින් යුතු මෙය පැයකට බයිසිකල් 12000 කට ගමන් කරන්නත් පුළුවන්

ලංකාවට මෙවැනි High Way මාර්ගයක් හැදුනොත් ඔබට මොනවද හිතෙන්නේ 



Tuesday, December 24, 2013

2013 වසරේ SEX කිරුළ ලංකාවට


අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වය සෙවීමේ ප‍්‍රතිශතය අනුව ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව google ආයතන වාර්තා වල දැක්වෙනවා. Google විසින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වන අතර රට තුල නුගේගොඩ නගරය පළමු තැනටත් හෝමාගම සහ කොළඹ, දෙවන තුන්වන ස්ථානවලටත් පත්ව සිටීනවා.

මේ අතර ලිංගිකත්වය පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය රැඳී සිටීනවා. පසුගිය 2012 වසරේදීද ශ‍්‍රී ලංකාව google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ සොයා ලොව පළමු තැන දිනා ගත්තා.

ශ්‍රී ලාංකික දැරියගේ ඉලක්කය ඇමෙරිකාවේ මහ පුටුවක්

අවුරුදු 14ක් වන මෙම තරුණ යුවතිය ශ්‍රී ලාංකිකයකී මැයගේ එකම අරමුණ වන්නේ ඇමරිකා ආරක්ෂක ලේකම් වීමයි මේ දක්වා ඇය පැමිණි ගමන් මගේදී ලබා ඇති ජයග්‍රහණ දෙස බැලීමේදි කවදා හෝ එම අරමුණ කරා ගමන් ගන්නා බව අපට පෙනෙන්නට තිබේ

මුලින්ම ඇයගේ බලාපොරොත්තුව වන්නේ එක්සත් ජනපදය වෙනුවෙන් බුද්ධි අංශ නිළධාරිනියක ලෙස කටයුතු කිරීමටයි.අනතුරුව ඇයගේ අරමුණේ උත්තරීතරම ස්ථානය ඇමරිකා ආරක්ෂක ලේකම් ධූරය දිනා ගැනීමයි. 

වසර 3 කට ඉහතදී තම පාසැල් අධ්‍යාපන කටයතු හමාර කර තිබෙන ඇය. අධ්‍යාපන මට්ටම ඇත්තේ සුපිරිම තලයේය. ඇමරිකා ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බුද්ධි අංශ විමර්ශණ කටයුතු උපාධිය ලබාගෙන ඇත්තේ  එම උපාධියට හිමි ඉහළම සාධන මට්ටම හිමිකරගනිමිනි.පාසැල් සමයේදී ඇයට කිසිදිනක ඒ සාමාර්ථයෙන් පහළ සාධන මට්ටමක් හිමි වී නොමැත.ඇයට ගණිතයට හා කථනයට දැක්වූ දස්කම් වෙනුවෙන් වර්ජිනියාවේ ජෝන් හොප්කින්ස් සරසවියෙන් පිරිනැමුනු ගෞරව  සහතිකයකුත් හිමිය.ඇය මෙම සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත්තේ යන්තම් වසය අවුරුදු 9 දීය.

වසය අවුරුදු 14 ක් වැනි ලාබාල අවධියේදීම උසස් අධ්‍යාපනය සදහා හාවර්ඞ් සරසවියට පිවිසීමට වරම් ලැබ ඇති ඇය නීතිය සදහා වන  ගෞරව උපාධි පාඨමාලාවට ඇතුළත්ව සිටී.
ඇයගේ සමකාලීනයෝ මේ වන විට නව වන  වසරේ ඉගෙනුම ලබති.නීතිය සදහා වන උපාධි පාඨමාලාවේදී ඇය තම පළමු අධ්‍යන වාර්තාව සිදුකර ඇත්තේ පාඨමාලාව ආරම්භ  වීමටත් ප‍්‍රථමයෙනි.ඇය හා පාඨමාලාව හදාරය ඇයගේ සහෝදර පන්ති සාමාජිකයෝ සියල්ලෝම වයස අවුරුදු 20 - 30 අතර පසුවන්නෝ වෙති. 


මේසා විශාල ජයග්‍රහණ ලබා ගැනීමට ඇයට උදවු කරන්නේ ඇයගේ පියා වන මහචාර්ය යූජීන්ද සිල්වාය. ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබ බිතාන්‍යය කරා සංක‍්‍රමණය වූවෙකි.