අවුරුදු 14ක් වන මෙම තරුණ යුවතිය ශ්‍රී ලාංකිකයකී මැයගේ එකම අරමුණ වන්නේ ඇමරිකා ආරක්ෂක ලේකම් වීමයි මේ දක්වා ඇය පැමිණි ගමන් මගේදී ලබා ඇති ජයග්‍රහණ දෙස බැලීමේදි කවදා හෝ එම අරමුණ කරා ගමන් ගන්නා බව අපට පෙනෙන්නට තිබේ
මුලින්ම ඇයගේ බලාපොරොත්තුව වන්නේ එක්සත් ජනපදය වෙනුවෙන් බුද්ධි අංශ නිළධාරිනියක
ලෙස කටයුතු කිරීමටයි.අනතුරුව ඇයගේ අරමුණේ උත්තරීතරම ස්ථානය ඇමරිකා ආරක්ෂක
ලේකම් ධූරය දිනා ගැනීමයි.
වසර 3 කට ඉහතදී තම පාසැල් අධ්‍යාපන කටයතු හමාර කර තිබෙන ඇය. අධ්‍යාපන මට්ටම ඇත්තේ සුපිරිම තලයේය. ඇමරිකා ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බුද්ධි අංශ
විමර්ශණ කටයුතු උපාධිය ලබාගෙන ඇත්තේ එම උපාධියට හිමි ඉහළම සාධන මට්ටම
හිමිකරගනිමිනි.පාසැල් සමයේදී ඇයට කිසිදිනක ඒ සාමාර්ථයෙන් පහළ සාධන මට්ටමක්
හිමි වී නොමැත.ඇයට ගණිතයට හා කථනයට දැක්වූ දස්කම් වෙනුවෙන් වර්ජිනියාවේ
ජෝන් හොප්කින්ස් සරසවියෙන් පිරිනැමුනු ගෞරව සහතිකයකුත් හිමිය.ඇය මෙම
සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත්තේ යන්තම් වසය අවුරුදු 9 දීය.
වසය අවුරුදු 14 ක් වැනි ලාබාල අවධියේදීම උසස් අධ්‍යාපනය සදහා හාවර්ඞ් සරසවියට පිවිසීමට වරම් ලැබ ඇති ඇය නීතිය සදහා වන ගෞරව උපාධි පාඨමාලාවට ඇතුළත්ව සිටී.
ඇයගේ සමකාලීනයෝ මේ වන විට නව වන වසරේ ඉගෙනුම
ලබති.නීතිය සදහා වන උපාධි පාඨමාලාවේදී ඇය තම පළමු අධ්‍යන වාර්තාව සිදුකර
ඇත්තේ පාඨමාලාව ආරම්භ වීමටත් ප්රථමයෙනි.ඇය හා පාඨමාලාව හදාරය ඇයගේ සහෝදර
පන්ති සාමාජිකයෝ සියල්ලෝම වයස අවුරුදු 20 - 30 අතර පසුවන්නෝ වෙති.
මේසා විශාල ජයග්‍රහණ ලබා ගැනීමට ඇයට උදවු කරන්නේ ඇයගේ පියා වන මහචාර්ය යූජීන්ද සිල්වාය. ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබ බිතාන්‍යය කරා සංක්‍රමණය වූවෙකි.
No comments:
Post a Comment