Monday, November 18, 2013

වයස අවුරුදු 2යි දිනකට දුම්වැටි 40 කට අධික සංඛ්‍යාවක් බොන ළමයා


අල්ඩි රසායි වයස අවුරුදු 2 ක් වැනි කුඩා අවදියේම ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූවෙකි.ඒ ඔහු දිනකට දුම්වැටි 40 කට අධික සංඛ්‍යාවක් බීමට  පුරුදුව සිටින්නේයැයි හෙළිවීම නිසාය.
අල්ඩි දැන් සිව් හැවිරිදිය.  දැන් ඔහු නොබොයි. ඒ වෙනුවට අලූත් ඇබ්බැහි වීමක් ඔහුට ඇත. ඒ නොනවත්වාම ආහාර ගැනීමයි.
අල්ඩි මුරණ්ඩු දරුවෙකියි ඔහුගේ දෙමව්පියෝ කියති. කුමක් හෝ අවශ්‍ය වුවහොත් එයම ඉල්ලා කරදර කරන්නේ යැයිද එය නොදුන්හොත් තමාට තුවාල කර ගැනීමට පවා ඔහු පෙළඹෙන්නේ යැයිද ඔවුහු පවසති.
මෙනිසා අල්ඩිගේ කරදරයෙන් බේරිය නොහැකි තැන තමා ඔහුට දිනක් දුම්වැටියක් දුන් බවත් එදා සිට අල්ඩි කරදර කළේ දුම්වැටි ඉල්ලා මිස අන්කිසිවක් ඉල්ලා නොවන බවත් පියා කියයි.
අවසානයේදී අල්ඩි දිනකට දුම්වැටි 40 ක් පමණ පානය කිරීමට පුරුදු විී ඇත.ඉන්දුනීසියාවට පැමිණි රූපවාහිනී වාර්තා කණ්ඩායමක අවධානය අල්ඩි දිනාගන්නේ මේ සමගය.
දෙහැවිරිදි දරුවෙකු දුම් පානය කරන්නේයැයි ලොවට හෙළිවීම නිසා ඉන්දුනීසියාවේ රජයට එදවස කරකියා ගත නොහැකි තත්ත්වයක් ඇති විය. තත්ත්වයට පිළියම් ලෙස බළධාරීහු අල්ඩි උපදේශන හා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සේවා වෙත යොමු කළ අතර රට පුරා දුම්පානය මැඩලීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කළහ.
ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අල්ඩි මෙන්ම ඉන්දුනීසියාවේ දුම්පානයට ඇබ්බැහිවී සිටි බොහෝ දෙනාද දැන් තම පුරුදු වලින් මිදී සිටී.
පමණට වඩා ආහාර ගැනීම නිසා අල්ඩි දැනටමත් දෙතුන් ගුණයකින් තරබාරු වී සිටී.
අල්ඩි නැවතත් උපදේශන සේවා ලබාගැනීමට යැවීමට සිදුවේදැයි ඔවුන් සිටින්නේ බියෙනි.





No comments:

Post a Comment