Sunday, November 17, 2013

මදුසමයේදී මියගිය අට හැවරිදි දැරිය

ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු
සමයේදීම මියයයි..
ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශය දරුණු විදිහට ඉරිලාලූ...


රවාන් නම් 8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත‍්‍රියේ ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගියාය. ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක්වී ඇත. යේමනයේ හජ්ජා හි හාද් ප‍්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වුනු අතර ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි පුද්ගලයෙකි.


යේමනයේ මෙම ප‍්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප‍්‍රදාය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන අතර සමාජ සංවිධාන විසින් කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටියි. මෙවැනි බලහත්කාරයෙන් බාලවයස් දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3 කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස් තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තා. එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ තවමත් අවුරුදු 15 ට අඩු වයසෙන්.


වැඩිවශයෙන් කතාබහ නොවුනාට ලෝකයේ ළමා විවාහ ව්‍යාසනයක තත්ත්වයට පත්ව ඇතිබවට විවිධ සමාජ සංවිධාන විසින් පෙන්වා දෙනවා. ලෝකය පුරාවටම ළමා මනාලියන් මිලියන 57.5 ක ප‍්‍රමාණයක් සිටින බවත් එයින් 40%ක් සිටින්නේ ඉන්දියාවේ බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඉන්දියාවේ 46% ක කාන්තාවන් විවාහ වන්නේ ඔවුන්ගේ වයස අවුරුදු 18 ක් සැපිරීමට පෙර බව එරට ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණය පවසනවා. එම ප‍්‍රතිශතය අපි‍්‍රකාවේ 42% ක් හා ලතින් ඇමරිකාවේ 29% ක් වනවා.

No comments:

Post a Comment