මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ තරග
වදින අවසන් වටයට තේරුනු සුරූපී ප්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අද
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත් මැරීන් ලෝෆෙලීන් මෙනවියද ඔවුන් සමග කටුනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණීයහ.
මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ්‍රී ලංකා සංචාරය හිමි විය.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩලය විසින් මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.මෙම සංචාරයේ
ප්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි
අතර එරට ප්රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද මෙරටට පැමිණියහ
යුරෝ
පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප්‍රචාරන ප්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය
ටීඑෆ්1 ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ්රක්ෂයන් වෙත සජීවීව විකාශය
කිරීමටද නියමිතය.
No comments:
Post a Comment