Tuesday, December 31, 2013

බයිසිකලේට High Way දොර ඇරේ.

මේ වන විට ලෝකයේ විවිධ ආකාරයෙන්  High Way මාර්ග ඉදිවෙමින් පවතිනවා රටක සංවර්ධන ක්‍රියාවලියේ දියුණුව මයින එක්තරා ආකරයක් වන්නේ රටේ තිබෙන මාර්ග පද්දතියයි  ලංකාවේ මේ වන විට අධිවේගි මාර්ග 02ක් තිබෙනවා එම මාර්ගවල යා හැක්කේ රෝද හතරේ වාහන වලට පමණී බයිසිකල් ත්‍රීරෝද රථ යා නොහැකිය 

බයිසිකලෙන් පමණක් ගමන් කළ හැකි හයිවේ මාර්ගයක් ඉදි කිරීමට ලබන අවුරුද්දේ සැලසුම් කරන බව එන්ගලන්ත ලන්ඩන් නුවරින් අපට වාර්ථා වෙනවා මෙය දිගින් 221 Km  හා පිවිසුම් 209 කින් යුතු මෙය පැයකට බයිසිකල් 12000 කට ගමන් කරන්නත් පුළුවන්

ලංකාවට මෙවැනි High Way මාර්ගයක් හැදුනොත් ඔබට මොනවද හිතෙන්නේ 



Tuesday, December 24, 2013

2013 වසරේ SEX කිරුළ ලංකාවට


අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වය සෙවීමේ ප‍්‍රතිශතය අනුව ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව google ආයතන වාර්තා වල දැක්වෙනවා. Google විසින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වන අතර රට තුල නුගේගොඩ නගරය පළමු තැනටත් හෝමාගම සහ කොළඹ, දෙවන තුන්වන ස්ථානවලටත් පත්ව සිටීනවා.

මේ අතර ලිංගිකත්වය පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය රැඳී සිටීනවා. පසුගිය 2012 වසරේදීද ශ‍්‍රී ලංකාව google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ සොයා ලොව පළමු තැන දිනා ගත්තා.

ශ්‍රී ලාංකික දැරියගේ ඉලක්කය ඇමෙරිකාවේ මහ පුටුවක්

අවුරුදු 14ක් වන මෙම තරුණ යුවතිය ශ්‍රී ලාංකිකයකී මැයගේ එකම අරමුණ වන්නේ ඇමරිකා ආරක්ෂක ලේකම් වීමයි මේ දක්වා ඇය පැමිණි ගමන් මගේදී ලබා ඇති ජයග්‍රහණ දෙස බැලීමේදි කවදා හෝ එම අරමුණ කරා ගමන් ගන්නා බව අපට පෙනෙන්නට තිබේ

මුලින්ම ඇයගේ බලාපොරොත්තුව වන්නේ එක්සත් ජනපදය වෙනුවෙන් බුද්ධි අංශ නිළධාරිනියක ලෙස කටයුතු කිරීමටයි.අනතුරුව ඇයගේ අරමුණේ උත්තරීතරම ස්ථානය ඇමරිකා ආරක්ෂක ලේකම් ධූරය දිනා ගැනීමයි. 

වසර 3 කට ඉහතදී තම පාසැල් අධ්‍යාපන කටයතු හමාර කර තිබෙන ඇය. අධ්‍යාපන මට්ටම ඇත්තේ සුපිරිම තලයේය. ඇමරිකා ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බුද්ධි අංශ විමර්ශණ කටයුතු උපාධිය ලබාගෙන ඇත්තේ  එම උපාධියට හිමි ඉහළම සාධන මට්ටම හිමිකරගනිමිනි.පාසැල් සමයේදී ඇයට කිසිදිනක ඒ සාමාර්ථයෙන් පහළ සාධන මට්ටමක් හිමි වී නොමැත.ඇයට ගණිතයට හා කථනයට දැක්වූ දස්කම් වෙනුවෙන් වර්ජිනියාවේ ජෝන් හොප්කින්ස් සරසවියෙන් පිරිනැමුනු ගෞරව  සහතිකයකුත් හිමිය.ඇය මෙම සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත්තේ යන්තම් වසය අවුරුදු 9 දීය.

වසය අවුරුදු 14 ක් වැනි ලාබාල අවධියේදීම උසස් අධ්‍යාපනය සදහා හාවර්ඞ් සරසවියට පිවිසීමට වරම් ලැබ ඇති ඇය නීතිය සදහා වන  ගෞරව උපාධි පාඨමාලාවට ඇතුළත්ව සිටී.
ඇයගේ සමකාලීනයෝ මේ වන විට නව වන  වසරේ ඉගෙනුම ලබති.නීතිය සදහා වන උපාධි පාඨමාලාවේදී ඇය තම පළමු අධ්‍යන වාර්තාව සිදුකර ඇත්තේ පාඨමාලාව ආරම්භ  වීමටත් ප‍්‍රථමයෙනි.ඇය හා පාඨමාලාව හදාරය ඇයගේ සහෝදර පන්ති සාමාජිකයෝ සියල්ලෝම වයස අවුරුදු 20 - 30 අතර පසුවන්නෝ වෙති. 


මේසා විශාල ජයග්‍රහණ ලබා ගැනීමට ඇයට උදවු කරන්නේ ඇයගේ පියා වන මහචාර්ය යූජීන්ද සිල්වාය. ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබ බිතාන්‍යය කරා සංක‍්‍රමණය වූවෙකි. 


Sunday, December 22, 2013

ෆෙස්බුක් විකිණීමට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කරයි

ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ෆ්‍ස්බුක් සමාගමේ කොටස්වලින් ඩොලර් බිලියන 2.3 ක් වටිනා කොටස් විකුණන්නට තීරණය කර ඇත. ඒ අනුව කොටස් මිලියන 41.4 ක් විකුණා දමන්නට සැලසුම් කර තිබේ. මෙම කොටස් විකුණා ලැබෙන මුදලින් සකර්බර්ග් බදු ගෙවීම් සිදුකර ඇති බව ෆ්‍ස්බුක් ආයතනය කියයි. ෆ්‍ස් බුක් ආයතනය පළමු වරට ඔවුන්ගේ කොටස් අලෙවි කළේ 2012 මැයි මාසයේ දීය. එම අවස්ථාවේ එක් කොටසක් ඩොල්ර් 38 ක මුදලකට අලෙවි විය. මෙම වසරේ තුන්වැනි කාර්තුවේ ෆ්‍ස්බුක් ආයතනයේ ආදායම සියයට හැටකින් ඉහළ ගොස් තිබුණි.

නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට

නගර මධ්‍යයේ නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට ගැනුණු පුවතක් කැලිෆොනියාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරින් වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මනාලිය වන ජිප්සි තාවුබ් සහ 20 හැවිරිදි මනාලයා වූ ජෙම්සි ස්මිත් ය. නගර ශාලාව ඉදිරිපිටදී සිටි මොවුන් පොදු ස්ථානයකදී නිරුවතින් සිටීමේ වරදට මෙලෙස පොලිස් අත්අඩංගුවට ගත් බව එරට වාර්තා සඳහන් කරයි.  පසුව ඔවුන් බ්ලැන්කට්වලින් පොරවාගෙන වෙනත් ස්ථානයට ගෙනගොස් ඇඳුම් ලබාදී වෑන් රථ දෙකකින් ගෙන ගොස් දමා ඇත්තේ තරයේ අවවාද කිරීමෙන් ද පසුවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගැනුණු මනාලිය පවසා තිබුණේ මෙය නිරුවතින් මංගල්‍යය සැමරීමේ අවස්ථාව අහිමිකිරීමට එරෙහිව කරන ලද විරෝධයක් බවයි. නගරවාසීන් තමන් වටා සිටින බවට ඔවුන් දැන සිටි බව ද ඇය පොලීසියට පවසා තිබේ.
එරට පොදු ස්ථානවල, මහාමාර්ගයේ, තැනකින් තැනට යාම හෝ වාහනවලින් නිරුවතින් ගමන් කිරීම 2012 වසරේ දී තහනම් කර තිබේ.






Tuesday, December 17, 2013

ශී‍්‍ර ලංකාව තුල නිල් වෙබ් 1500 ක් තහනම්



ර ලංකාව තුල දැනට අසභ්‍ය දර්ශන ඇතුළත් කර පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි එක්දහස් පන්සියයක් පමණ ප‍‍්‍රමාණයක් තහනම් කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසනවා. පසුගිය දින කිහිපය තුළ දී ද එවන් වෙබ් අඩවි හතරක් තහනමට ලක් කළ බව ඒ මහතා සදහන් කලා. කෙසේ වෙතත් එවන් එක් වෙබ් අඩවියක් තහනම් කරන විට තවත් ගණනාවක් පටන් ගන්නා බවද පවසන ඒ මහතා ඒ නිසා ම ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන එම වෙබ් අඩවි වාරණය කිරීම ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇතැයි ද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

ලංකාව තුළ පමණක් නොව ලොව පුරාම සිටින ඇතැම් පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි දස දහස් ගණනින් අන්තර්ජාලය තුළ තිබෙනවා. එහි වැඩිම හානිය වන්නේ පාසල් දරුවන් ද ඒවා නැරඹීමට හුරු වී සිටීමයි. අසභ්‍ය වෙබ් අඩවි හා ගණිකා වෘත්තිය ආදී සමාජ ගැටළු පිළිබදව ලෝකයේ විවිධ රටවල් දරන්නේ මිශ‍්‍ර අදහස්. ආසියානු රටවල් වැඩිපුරම සමාජ සංස්කෘතිය හා ආගම පෙරදැරිකොට ගෙන සිටින රටවල් බැවින් ඔවුන් මේවාට තදබල ලෙස විරුද්ධ වනවා. නමුත් බොහෝ බටහිර රටවල් ලිංගික අධ්‍යාපනය මෙන්ම පුද්ගල අසහනයන්ට ඇති වඩාත් සුදුසුම විසදුම් ලෙස මේවා නීතිගත කොට තිබෙනවා. නමුත් කිසිදු ආකාරයකින් දරුවන්ට හානියක් නොවන්නට ඔවුන් වගබලා ගන්නවා.

කෙසේ නමුත් ලංකාව තුළ අසභ්‍ය වෙබ් අඩවි පවත්වාගෙන යාම තහනම් වන අතර එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අදාල නීති රීති සැකසී තිබෙනවා.

සිමෙන්ති යොදා පදික වේදිකාවටම සවිකල කැබ්රිය



පදික වේදිකාවට අලූතින් සිමෙන්ති ඇතිරීමට බාධා වන අයුරින් ගාල් කර තිබූ කැබ් රියක් එහි හිමිකරුවා සමග ඇතිවූ බහින්බස් වීමකින් පසුව සිමෙන්ති යොදා පදික වේදිකාවටම ‘‘සවිකර‘‘ යාමට බ‍්‍රසීලයේ කම්කරුවන් පිරිසක් ක්‍රියා කළහ..
වාර්තා වන ආකාරයට මෙම රියේ හිමිකරු වසර ගණනක සිට මෙම ස්ථානයේ තම රථය ගාල් කිරීමට පුරුදුව සිට ඇති අතර කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි එය මදකටවත් ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කර නොමැත.
මෙනිසා කෝපයට පත්ව ඇති කම්කරුවන් පිරිස කර ඇත්තේ කැබ් රියත් පදික වේදිකාවටම ඇලී සිටින සේ බදාම යොදා පදික වේදිකාව පිළිසකර කිරීමය.
මෙය සැළවූ බළධාරීන් කැබ්රිය ඇදගෙන යාමට පැමිණ ඇතත් ඔවුන් පැමිණි පසු දැකගත හැකිව තිබෙන්නේ ක්ෂණිකව ඝන වන බදාම වර්ගයක් භාවිතා කර ඇති හෙයින් කැබ් රිය හෙල්ලීමටවත් නොහැකි වන අයුරින් පදික වේදිකාව හා බැඳී තිබෙන අයුරුයි.

Friday, December 13, 2013

ගුරුවරිය විසින් 12 හැවරිදි සිසුවෙකු අපයෝජනය කරයි


ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත පාසැලක 31 හැවිරිදි එතිල් ඇන්ඩර්සන් නැමැති භාෂා කලා ගුරුවරියක්12 හැවරිදි පිරිමි දරුවකු අපයෝජනය කළායැයි පැවති නඩු විභාගයේදි එරට උසාවිය මගින් ඇයට අවුරුදු 38ක සිර දඩුවමක් නියම කළේය ඇයට 6 හැවරිදි දරුවකුගේ මවක් වන අතර මෙම ගුරුවරිය වසරේ හොදම ගුරුවරිය ලෙස සම්මානද ලබා ගෙන සිටි අයෙකී


අමතර පන්ති පවත්වනවා යැයි කියා  12 හැවරිදි දරුවා නිවසට ගෙන්වා කිහිප වතාවක් අපයෝජනය කර ඇත  ගුරුවරිය රාත්‍රී කාලයේදි මෙම සිසුවාට දුරකථනයෙන් අමතන අතර දවසක් මෙම ගුරුවරිය හා සිසුවා කතා කරනව මවට ඇසී එය පටි ගත කර පොලීසියට ගොස් පැමිණිලි කොට ඇත

තමා ඇගේ පෙම්වතා බවත් ඇයට ආදරේ කරන බවත් ඇය කළ දේවල් මෙසේයැයිද 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසා සිටියා. චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසීය.