Friday, November 29, 2013
පාවෙන නගරයක් ඇමෙරිකාවේ
වසරේ වැඩි කාලයක් ‘පාවෙමින්‘ ගමන් කිරීමට කැමැති අය සදහාම ගැලපෙන දිය මත ‘පාවෙන‘ නගරයක් ඉදිකිරීමට ඇමරිකා සමාගමක් සැළසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.
මෙම නගරය ඉදිකෙරෙනු ඇත්තේ විසල් නෞකාවක් මතය.‘ස්වාධීනත්වයේ නෞකාව‘ නමින් නම් කළ මෙම නෞකාව මත මහල් 25 කින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත අතර පොළව මත පිහිටන නගරයක දැකගත හැකි අත්විදිය හැකි සියලූ දේ එම ගොඩනැගිල්ලේ ඇති කිරීමට නිර්මාපකයන් සැළසුම් කර ඇත.
කැසිනෝ ශාලා,රෝහල්,නිවාස සංකීර්ණ,අවන්හල් ආදියෙන් සමන්විත වනු ඇති මෙම පාවෙන නගරයේ වහල මත ගුවන් යානා ධාවන පථයක්ද නිර්මාණය කිරීමට අදහසක් ඇත.
පදිංචිකරුවන් නොනැවතී සයුරු තරණයේ යෙදී සිටිනු ඇති අතර වසරේ එක් එක් කාලයන්හිදී ලොව විවිධ නගර ආසන්නයේ ‘ස්වාධීනත්වයේ නෞකාව‘ නැංගුරම් ලා තැබීමට නියමිතය.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි ‘ෆ්‍රීඩම් ෂීප් ඉන්ටර්නැෂනල්‘ නම් ඉදිකිරීම් සමාගමක් මෙම විසල් ව්‍යාපෘතිය පසුපස සිටින අතර මේ සදහා වැය වේ යැයි ගණන් බලා ඇති මුදල ඩොලර් කෝටි 1000 කි.
ඉක්මනින්ම ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව නිර්මාපකයන් කියයි.
Thursday, November 28, 2013
ආදරය කරන අයට පොලිස් වාර්ථාව අනිවාර්්‍යය කිරීමට සූදානමක්
තම ආදරය පතා එන පුද්ගලයින් හට පොලිස් වාර්තා ගොනු වී ඇත්දැයි සොයාබැලීමේ අයිතිය බ්‍රිතාන්‍යය කාන්තාවන්ට නුදුරේදීම ලැබීමට නියමිතය.
මෙම නීතිය සම්පාදනය කිරීමට මුල්වී ඇත්තේ පසුගිය වසරේ ෆේස්බුක් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ කාන්තාවක් හා සම්බන්ධ සිදුවීමකි.මරණයෙන් පසු එම කාන්තාවගේ පවුලේ හිතවතුන් ඇයගේ පෙම්වතාව සිටි පුද්ගලයාගේ යටගිය තොරතුරු හාරා අවුස්සා බැලු කළ හෙළිව තිඛෙන්නේ ඔහු මීට පෙර කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් නිීතිය හමුවේ දඩුවම් විද ඇත්තෙක් බවයි.
මෙම සිදුවීම මුල් කරගෙන කාන්තාවන්ට නව පෙම්වතුන් හා සබදතා ඇති කර ගැනීමට පෙර ඔවුන්ට පොලිස් වාර්තාවක් ඇත්දැයි සොයාබැලීමට අවසරය ලබා ගැනීම අරමුණින් මිය ගිය කාන්තාවගේ පියා ඇතුලූ පවුලේ හිතවතුන් සමාජය දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට එකී අවසරය ලබා දෙන නීතිය මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින අතර ලබන වසරේ මාර්තු මස සිට එය ක්‍රියාවට නැංවීමට නියමිතය.
Wednesday, November 27, 2013
තිසුරි යුවනිකා වතුරේ ගහගෙන ගිහිල්ලා
තිසුරි යුවනිකා අපේ කලා ක්ෂේත්රයේ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පිනියක්. පසුගිය දා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේ දී ඇයට හොඳම නැගී එන නිළියට හිමි සම්මානයත් හිමි වුණා. තිසුරිගෙ නවතම රංගනය ඇතුළත් වන්නේ ‘මහිංසා’ ටෙලි සිත්තමේ. එහි මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇය. එහි එක දර්ශනයක ගඟක මිනියක් පාවෙනවා. මිනිය මහිංසාගේ.
මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගඟේ පා කළා. ටික දුරක් එහෙම යනකොට එකපාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරි වුණා. ‘මාව බේර ගන්නෝ’ කියලා හයියෙන් කෑගැහුවත් මේ කාටවත් තිසුරි ළඟට යන්න බැරි වුණා.
කොහොම හරි වතුරේ ගහගෙන ආපු අත්තක් තිසුරිගේ ඇඟේ හැපිලා. ඇය ඒක හයියෙන් අල්ලගෙන. මේකෙ එල්ලිලා ටික දුරක් යනකොට ගල් දෙකක් අතරේ හිරවෙලා. ඊට පස්සේ කට්ටියම ඇවිත් තිසුරිව ගොඩට ගත්තා. තිසුරිගෙ වාසනාවට එදා ඒ අත්ත ආවෙ නැත්නම් අද අපට තිසුරි කෙනෙක් නෑ. මොකද තිසුරිට පීනන්න බෑ.
Friday, November 22, 2013
අපේ කෙල්ලො රට යන්නෙ sex කරන්නද
රට යන කාන්තාවක් වැඩි පිරිසක් වැඩි ආදයමක් තමන්ට ලබාගැනීම අරමුණු කරගෙන තමන් කරන රැකියාවට අමතරව පිරිමින් සමග යහන් ගතව අමතර ආදායමක් ලබාගැනීම සදහා යොමුවේ, මේ පුවණතාවය වැඩිවෙමින් පවතින බව පිටරට සිට පැමිණි ශ්‍රි ලාංකික කාන්තාවක් අප සමග පැවසුවේය, විශේෂයෙන් මෙවන් දෙයකට අපේ රටේ කාන්තාවන් යොමුවන්නේ ඔවුන් වැඩ කරන තැන හාම්පුතුන්ගේ අනිසි බලපෑම මත බව සදහන් වේ.
Thursday, November 21, 2013
පෙම්වතුන්ගේ දිනය සෙනසුරාද
පෙම්වතුන් තම පෙම්වතියන් මුණගැසීමට වඩාත් කැමැති දිනය සෙනසුරාදා බව චැච්කොම් වෙබ් අඩවිය කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.
සමීක්ෂණයට භාජනය කළ පෙම්වතුන්ගෙන් සියයට අසූවක්ම කියා ඇත්තේ සෙනසුරාදා සවස පෙම්වතියන් මුණගැසීමට කැමැති බවයි.
එයට හේතුව ලෙස සදහන් කර ඇත්තේ තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග සෙනසුරාදා සවස් යාමයේ වැඩිපුර කාලයක් ගත කිරීමට ලැබීමයි.
එමෙන්ම වඩාත් නුසුදුසුම දිනය ලෙස බහුතරයක් කියා ඇත්තේ සදුදා දිනය නම් නර තිබෙන අතර ඊට හේතුව ලෙස සදහන් කර ඇත්තේ සදුදා දිනය අධික වෙහෙසකර, අසනීප ගති පිරුණු, රාජකාරිවලින් බහුල දිනයක් බවයි.
එමෙන්ම සතියේ දිනවල තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හමුවීමට කැමැති ප්‍රමාණය මෙන් මෙන් සිව් ගුණයක් සතියේ අග දිනවල තමාගේ ආදරවන්තයා හෝ දරවන්තිය හමුවීමට කැමැති බව ප්‍රකාශ කර තිබේ.
Wednesday, November 20, 2013
වෛද්‍ය බිරිය සැමියාගේ අනියම් පෙම පැහැර ගනියි...!!!
කුරුණෑගල මහරෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ බිරිදක් එම රෝහලේම උපස්ථායිකාවක් පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ වෛද්‍යවරයා සහ මෙම උපස්ථායිකාව අතර අනියම් සබදතාවක් පවතින බවට තිබූ සැකයක් මත වෛද්‍යවරයාගේ බිරිද මෙම පැහැරගෙන යාම සිදුකර ඇති බවයි.
අදාළ උපස්ථායිකාවට වෛද්‍යවරයාගේ බිරිද සහ සොහොයුරිය දරුණු ලෙස පහර දී ඇති අතර උපස්ථායිකාව මේ වන විට ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලටම ඇතුළත් කර තිබෙනවා.
දෙවඟන උපන් ඇඳුමින්
ඇමරිකාවේ චිකාගෝ නගරයේ දුම්රිය ස්ථානයක දුම්රිය ගමනට බධා කළ නිර්වස්ත්‍ර කාන්තාවක් (31) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දුම්රියේ ‘දෙවඟන’ මම යැයි කියමින් ඇය දුම්රියට ගොඩ වී තිබේ. ම`ගීන් කිහිපදෙනෙකුට කම්මුල් පහර ගසා දුම්රියේ ඉදිරියට ගොස් රියදුරන් ඉවත් කොට එය ධාවනය කිරීමට උත්සහ කර ඇත.
බලධාරීන් පැමිණ ඇය ඉවත් කිරීමට තැත් කළ උත්සහය අසාර්ථක වී තිබේ. පසුව ඔවුන් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පැමිණ ඇය අල්ලා ගැනීමට තැත් කළ තැන ඇය දුම්රිය පොළ වටා දුවන්න පටන් ගත්තාය. මෙලෙස පැය භාගයක් පමණ උත්සහ කර ඇය අත්අඩංගුවට ගන්නා ලදි.
මානසික රෝගයකින් පෙළෙන කාන්තාව පසුව ශාන්ත ෆ්‍රැන්සිස් රෝහල කරා රැගෙන යනු ලැබුහ.
සිද්ධියෙන් කිසිවකුට අනතුරුක් සිදු නොවුනත් පැය කිහිපයක් දුම්රිය ගමනා ගමනය ප්‍රමාද වී ඇත.
Monday, November 18, 2013
වයස අවුරුදු 2යි දිනකට දුම්වැටි 40 කට අධික සංඛ්‍යාවක් බොන ළමයා
අල්ඩි රසායි වයස අවුරුදු 2 ක් වැනි කුඩා අවදියේම ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූවෙකි.ඒ ඔහු දිනකට දුම්වැටි 40 කට අධික සංඛ්‍යාවක් බීමට පුරුදුව සිටින්නේයැයි හෙළිවීම නිසාය.
අල්ඩි දැන් සිව් හැවිරිදිය. දැන් ඔහු නොබොයි. ඒ වෙනුවට අලූත් ඇබ්බැහි වීමක් ඔහුට ඇත. ඒ නොනවත්වාම ආහාර ගැනීමයි.
අල්ඩි මුරණ්ඩු දරුවෙකියි ඔහුගේ දෙමව්පියෝ කියති. කුමක් හෝ අවශ්‍ය වුවහොත් එයම ඉල්ලා කරදර කරන්නේ යැයිද එය නොදුන්හොත් තමාට තුවාල කර ගැනීමට පවා ඔහු පෙළඹෙන්නේ යැයිද ඔවුහු පවසති.
මෙනිසා අල්ඩිගේ කරදරයෙන් බේරිය නොහැකි තැන තමා ඔහුට දිනක් දුම්වැටියක් දුන් බවත් එදා සිට අල්ඩි කරදර කළේ දුම්වැටි ඉල්ලා මිස අන්කිසිවක් ඉල්ලා නොවන බවත් පියා කියයි.
අවසානයේදී අල්ඩි දිනකට දුම්වැටි 40 ක් පමණ පානය කිරීමට පුරුදු විී ඇත.ඉන්දුනීසියාවට පැමිණි රූපවාහිනී වාර්තා කණ්ඩායමක අවධානය අල්ඩි දිනාගන්නේ මේ සමගය.
දෙහැවිරිදි දරුවෙකු දුම් පානය කරන්නේයැයි ලොවට හෙළිවීම නිසා ඉන්දුනීසියාවේ රජයට එදවස කරකියා ගත නොහැකි තත්ත්වයක් ඇති විය. තත්ත්වයට පිළියම් ලෙස බළධාරීහු අල්ඩි උපදේශන හා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සේවා වෙත යොමු කළ අතර රට පුරා දුම්පානය මැඩලීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කළහ.
ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අල්ඩි මෙන්ම ඉන්දුනීසියාවේ දුම්පානයට ඇබ්බැහිවී සිටි බොහෝ දෙනාද දැන් තම පුරුදු වලින් මිදී සිටී.
පමණට වඩා ආහාර ගැනීම නිසා අල්ඩි දැනටමත් දෙතුන් ගුණයකින් තරබාරු වී සිටී.
අල්ඩි නැවතත් උපදේශන සේවා ලබාගැනීමට යැවීමට සිදුවේදැයි ඔවුන් සිටින්නේ බියෙනි.
මනාළියගේ බරටත් වඩා සල්ලි
විවාහ ගිවිසගැනීමේ ත්‍යාගයක් ලෙස ඩොලර් ලක්ෂ 14.5 ක (රුපියල් ලක්ෂ 1914) මුදල් පිරවූ පෙට්ටි 18 ක් තම අනාගත මනාලියගේ නිවස වෙත යැවූ පුද්ගලයකු ගැන චීනයෙන් වාර්තා වේ.
පෙට්ටි සියල්ලක්ම පාරම්පරික චීන කැටයම් වලින් සරසා රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි.ඒවා අනාගත මනාලියගේ නිවසට ප්‍රවාහනය කර තිබුණේ සුඛෝපභෝගි වාහන වලින් සැදුම් ලත් පෙරහරකිනි.
මෙන්ග් හුන්ග් නම් වන මේ ‘නිර්ලෝභී‘ පුද්ගලයා ප්‍රකට ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක හිමිකරුවෙකි.තමන්ට තම අනාගත මනාලිය මුළු ලොවටත් වඩා වටින බවත් එය පෙන්වීමට මෙවන් ත්‍යාගයක් ඇය වෙත යැවූ බවත් ඔහු කියයි.
මනාලියද තම අනාගත මනාලයා එවන ලද ත්‍යාගය සතුටින් භාරගෙන ඇතැයි සදහන්වේ.
ඇතැමුන්ගේ අදහස වන්නේ මෙය හුදෙක් මනාලිය මුදල් වලට මිලදී ගත්තාක් වැනි ක්‍රියාවක් බවයි.දෙදෙනා සැබැවින්ම එකිනෙකාට ආදරය කරන්නේ නම් මෙවන් ත්‍යාගයක අවශ්‍යතාවයක් නැතැයි ඔවුන්ගේ මතයයි.
Sunday, November 17, 2013
සිය වසරක් ජීවත් වීමේ රහස කියයි
දිනපතා සිගරට් බීම හා විස්කි වීදුරුවක් බීමෙන් දීර්ගායුෂ ලබා ගත් මහළු කතක් එංගලන්තයේ සිටියි. ඇය 100 හැවිරිදි ඩොරොති හොවේ නම් විශ්‍රාමික ලේඛිකාවකි.
ඩොරොති, ඇයට අවුරුදු 16 සිට දිනකට සිගරට් 15 ක් බීමට ඇබ්බැහි වී සිටියි.
ඒ අනුව ගණන් බලන විට ඇය අවුරුදු 84 ක් පුරා සිගරට් 460000 ක් පමණ පානය කර ඇත. සිගරට් මිල වැඩි වීමත් සමග මෙම පුරුද්ද අත්හරින බව ඇය සිතුවත් දැන් ඇයට එයින් කිසිසේත් මිඳිය නොහැක.
ඇය අවුරුදු 100 ක් ජීවත් වීමේ රහස මෙලෙස දුම් පානය කිරීම හා මත්පැන් පානය කිරීම බව ඇය විශ්වාස කරයි. එසේම මෙම පුරුද්දෙන් මිදුණොත් ඇය එක දිනයක්වත් ජීවත් නොවන බව වෛද්‍යවරු පවසයි.
මීට වසර 26 කට පෙර පිළිකාවක් නිසා ඇගේ සැමියා මිය ගොස් ඇත. එතැන් පටන් තනිව ජීවත් වන ඇය තම දෛනික කාර්යයන් සියල්ලක්ම තනිවම ඉටු කර ගනී. කොපමණ වයසට ගියත් තමා යහපත් මානසික තත්ත්වයකින් පසුවන බවත් වැලමිටි, දණහිස් පවා හොඳින් කි‍්‍රයා කරන බවත් ඇය පැවසීය.
මෑතකදී සැමරූ ඇගේ 100 වන උපන්දිනය වෙනුවෙන් දෙවන එළිසබෙත් රැජින උපන් දින සුබ පැතුම් පතක් එවමින් සුබ පැතුම් එක් කර තිබිණ.
මදුසමයේදී මියගිය අට හැවරිදි දැරිය
ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු
සමයේදීම මියයයි..
ලිංගාශ්‍රිත ප්‍රදේශය දරුණු විදිහට ඉරිලාලූ...
රවාන් නම් 8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත්‍රියේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගියාය. ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක්වී ඇත. යේමනයේ හජ්ජා හි හාද් ප්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වුනු අතර ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
යේමනයේ මෙම ප්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප්රදාය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර සමාජ සංවිධාන විසින් කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටියි. මෙවැනි බලහත්කාරයෙන් බාලවයස් දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3 කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස් තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තා. එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ තවමත් අවුරුදු 15 ට අඩු වයසෙන්.
වැඩිවශයෙන් කතාබහ නොවුනාට ලෝකයේ ළමා විවාහ ව්‍යාසනයක තත්ත්වයට පත්ව ඇතිබවට විවිධ සමාජ සංවිධාන විසින් පෙන්වා දෙනවා. ලෝකය පුරාවටම ළමා මනාලියන් මිලියන 57.5 ක ප්‍රමාණයක් සිටින බවත් එයින් 40%ක් සිටින්නේ ඉන්දියාවේ බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඉන්දියාවේ 46% ක කාන්තාවන් විවාහ වන්නේ ඔවුන්ගේ වයස අවුරුදු 18 ක් සැපිරීමට පෙර බව එරට ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණය පවසනවා. එම ප්‍රතිශතය අපි‍්‍රකාවේ 42% ක් හා ලතින් ඇමරිකාවේ 29% ක් වනවා.
සමයේදීම මියයයි..
ලිංගාශ්‍රිත ප්‍රදේශය දරුණු විදිහට ඉරිලාලූ...
රවාන් නම් 8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත්‍රියේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගියාය. ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක්වී ඇත. යේමනයේ හජ්ජා හි හාද් ප්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වුනු අතර ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
යේමනයේ මෙම ප්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප්රදාය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර සමාජ සංවිධාන විසින් කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටියි. මෙවැනි බලහත්කාරයෙන් බාලවයස් දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3 කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස් තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තා. එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ තවමත් අවුරුදු 15 ට අඩු වයසෙන්.
වැඩිවශයෙන් කතාබහ නොවුනාට ලෝකයේ ළමා විවාහ ව්‍යාසනයක තත්ත්වයට පත්ව ඇතිබවට විවිධ සමාජ සංවිධාන විසින් පෙන්වා දෙනවා. ලෝකය පුරාවටම ළමා මනාලියන් මිලියන 57.5 ක ප්‍රමාණයක් සිටින බවත් එයින් 40%ක් සිටින්නේ ඉන්දියාවේ බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඉන්දියාවේ 46% ක කාන්තාවන් විවාහ වන්නේ ඔවුන්ගේ වයස අවුරුදු 18 ක් සැපිරීමට පෙර බව එරට ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණය පවසනවා. එම ප්‍රතිශතය අපි‍්‍රකාවේ 42% ක් හා ලතින් ඇමරිකාවේ 29% ක් වනවා.
Saturday, November 16, 2013
මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුනු ප්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අද ලංකාවට පැමිනි අයුරු
මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ තරග
වදින අවසන් වටයට තේරුනු සුරූපී ප්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අද
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත් මැරීන් ලෝෆෙලීන් මෙනවියද ඔවුන් සමග කටුනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණීයහ.
මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ්‍රී ලංකා සංචාරය හිමි විය.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩලය විසින් මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.මෙම සංචාරයේ ප්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප්රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද මෙරටට පැමිණියහ
යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප්‍රචාරන ප්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1 ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ්රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.
මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ්‍රී ලංකා සංචාරය හිමි විය.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩලය විසින් මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.මෙම සංචාරයේ ප්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප්රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද මෙරටට පැමිණියහ
යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප්‍රචාරන ප්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1 ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ්රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.
Subscribe to:
Posts (Atom)