වෙළඳපොලේ පොල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පොල්
ගෙඩියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 60 කටයි. මේ වසරේ අපේක්ෂිත පොල්
අස්වැන්න පොල් ගෙඩි මිලියන 2900 ක් පමණ වුව ද, එය සියයට 25 කින් පමණ අඩු වී
තිබෙනවා. පොල් මිල ඉහළ යාමට එම තත්ත්වය හේතුවී ඇති බවයි පොල් සංවර්ධන හා
ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර කියා සිටියේ. කෙසේ වෙතත් ලබන
නොවැම්බර් මාසය වනවිට පොල් මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරන බව ද ඔහු කියා
සිටියා.
No comments:
Post a Comment