Friday, October 25, 2013
කොළඹ-කටුනායක අධිවේගයේ ඇවිදින්න ජනපතිත් එක් වෙයි
තව නොබෝ දිනකින් විවෘත කෙරෙන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ නිදහසේ සැරි සරන්නට ජනතාවට ලබා දී ඇති අවස්ථාව සමරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක් වෙයි.
අධිවේගී මඟ ජන ගත කිරීම නිමිත්තෙන් මේ දිනවල විවිධ උත්සව සංවිධාන කර තිබෙන අතර වරාය හා මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යාංශය සංවිධාන කළ පාගමනට ජනාධිපතිතුමා ද ඊයේ (24) උදෑසන එක්විය.
අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම අසළින් පාගමනට එක් වූ ජනාධිපතිතුමා මැති ඇමැතිවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් සමඟ මඳ දුරක් ඇවිද ගියේය. පිවිසුම් මඟ දෙපස මෙන්ම අධිවේගී මඟ දෙපසත් අතිවිශාල ජනකායක් රැස්ව සිටියේ ජනාධිපතිතුමා දැක ගන්නටය. පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතා බහක නියැලෙන්නට ද ජනාධිපතිතුමා අමතක කළේ නැත.
කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපතිතුමාගේ අතින් ලබන ඉරිදා (27) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. මහා මාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, කමලා රණතුංග, මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment