Friday, October 25, 2013
ඇමතිවරයකු නඩත්තු කරන්න යන මුදලින් ජනපදයක් නඩත්තු කරන්න පුළුවන්
GossipCLanka.com මේ රටේ ඇමතිවරයකු නඩත්තු කරන්න යන මුදලින් ජනපදයක් නඩත්තු කරන්න හැකි බව අනුර කුමාර දිසානායක මහතා පවසයි, කිරිපිටි පැකට් එකට රු 250ක බද්දක් ගැසීෙම් සිට විවාහ සහතික ගාස්තු ලෙස රු 5000ක බද්දක් ලබා ගැනීමද දක්වාද මේ ආණ්ඩුව සියල්ලකම බදු ගසා සොයන විශාල ධනස්කන්දයෙන් මේ ඇමති රැලම නඩත්තු කරන බව හෙතම කීවේය, ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීනයේ ජනගහනය කෝටි 135ට ඇමතිවරු 27යි, දෙවන තැන හිමි ඉන්දියාවේ ජනගහනය කෝටි 120යි ඇමතිවරු 35යි, කෝටි 14ක් සිටින රුසියාවේ ඇමතිවරු 17යි, ඇමරිකාවේ ඇමතිවරු 24යි ජනගහනය කෝටි 22යි, කෝටි 12ක් සිටින ජපානයේ ඇමතිවරු 19යි, ඒත් ජනගහනය කෝටි දෙකක් ඉන්න ලංකාවේ ඇමතිවරු 57යි, නියොජ්ය ඇමතිවරු 38යි, ව්යාපෟති ඇමතිවරු 2කයි, ජේ්යෂ්ඨ ඇමතිවරු 9යි, ඊට අමතරව පළාත් නවයට මහ ඇමතිවරු නවයයි, පළාත් සභා ඇමතිවරු 36යි, ඔක්කොම ගනන් බලනකොට ලංකාවේ අමතිවරු 142යි, කෙහෙළිය රඔුක්වැල්ල ඇමතිවරයාගේ පසුගිය මාසයක මාසික විදුලි බිල රුපියල් 121000 වෙලා තිබුණා, බල්බ් 5000ක් දාල තොරණක් ගහලා තොරණ සතියක් දැල්වුවත් එච්චර ගාණක් විදුලි බිල එන්නේ නැහැ, ඇමතිවරයෙකුට රජයේ වාහන දෙකක් තියනවා, ඉන්ධන සදහා රුපියල් 150000ක් දෙනවා, ජංගම දුරකථන සදහා රු 15000ක්, ලබාදෙනවා එක් ඇමතිවරයෙකුට කාර්ය මණ්ඩලය සදහා 15දෙනෙකු ලබාදෙනවා, ඉන් පස්දෙනෙකුට වාහන 5ක් ලබාදෙනවා, රුපියල් 15000ක් ගාණේ ඉන්ධන වියදම්ද ලබා දෙනවා, තව පස්දෙනෙකුට රුපියල් 2000 ගාණේ දුරකථන බිල් ගෙවනවා, ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ වසර 5ක් හිටියොත් විශ්රාම වැටුපකුත් ලැබෙනවා, මේ විදිහට බලන කොට මුන් රට හදනව කියල බොරුවට අපිව රවටල තමන්ගේ බඩගොස්තරය හොයා ගන්න එක කරන්නේ දැන්වත් ජනතාව මේ බව තේරුම් ගත යුතු බව ඒ මහතා පවසයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment